Wednesday, April 22, 2020

STANDARD METHOD OF MEASUREMENT III


සම්මත මිනුම් ක්‍රම ගැන කලින් ලිපි වලින් කතා කලා. බලල නැත්නම් මුලින් ඒ ලිපි බලල ආවනම් හොඳයි.අද මම කියනව කිව්වෙ කොහොමද මේ SMM එකක් කියවන්නෙ කියල. මුලින්ම SLS 573; 1999 එකෙන් පටන් ගමු.  මේ පොත හොයාගන්නම වෙනව මේක ගැන කරනවනම්. මේ පොත පෙරලල බලද්දි වගු ගොඩක් එක්ක ටිකක් සංකීරණ වගේ පෙනුනට ලේසියෙන්ම බලන හැටි කියල දෙන්නම්. මේ පොත කියවන හැටි කොහොමද කියලත් මේ පොතේම තියෙනව වෙනම Section එකක. Section A යටතෙ තමයි ඒ විස්තරය තියෙන්නෙ. 


මේ පොත කියවන්න තියෙන්නෙ ටිකක් නුහුරු තිරස් අතට තමයි. ඒ පැත්තට හරවගෙන පෙරලද්දි සෑම පිටුවකම දකුණු පැත්තෙ යටම කෙලවරේ Section එකේ ඉංග්‍රීසි අකුරත් එක්ක අකාරාදී පිලිවෙලට තමයි පිටු අංකය සඳහන් වෙන්නෙ. මේකත් ටිකක් නුහුරු නිසා බලාගන්න. මොකද ඉදිරියේ මම පිටු අංක භාවිතා කරනව හඳුන්වන්න පහසුවට.

හොඳයි දැන් අපි මේ පොත කියවන විදිය ගැන නැත්නම් සාමාන්‍ය නීති රීති සඳහන් වන SECTION A වල පිටු අංක මොනවද කියල හොයාගන්න පුළුවන්ද?. ඔව්. පිටු අංක A1 සිට A7 දක්වා තමයි මේ විස්තර තියෙන්නෙ. පිටු අංක ගැන අවබෝධයක් ලැබුනද. පොඩි කරුනක් වගේ පෙනුනට වැදගත් වෙනව ගොඩක්. මේ ලිපි පෙලත් මම කුඩා කොටස් වලට කඩල කරන්නම් අවබෝධ කරගන්න පහසු වෙන්න. කලින් ලිපි වල ප්‍රශ්ණත් සමහරු Email කරල අහල තිබුණ. පුළුවන් හැමෝටම මම පිළිතුරු ලබා දුන්නා. අනික් අයටත් දැනගන්න අපේ Navita Academy Facebook Page එකේම කරුණු කතා කලානම් ගොඩක් අයගෙ අදහසුත් දැනගන්න පුළුවන් වෙනව අපිට.

මුලින්ම අපි පටුනට (Contents) ගිහින් බලමු.

Section A – General rules (මේ පොත කියවන විදිහ, සාමාන්‍ය නීති රීති වචන අර්ථ දැක්වීම් වගේ ඒව සඳහන් වෙනව.)

Section B – Preliminaries (ප්‍රාරම්භක වැඩ මනින විදිහ මෙහි සඳහන් වෙනව.)

Section C – (මේකත් අනු කාණ්ඩ 3කට කඩල තියෙනව)
Section C1 – Demolitions (කඩල දැමීම් මනින විදිහ)
Section C2 – Alterations (ගොඩනැගිල්ලක වෙනස්කම් සිදුකිරීම් මනින විදිහ)
Section C3 – Repairs and maintenance (ගොඩනැගිල්ලක අළුත් වැඩියා හා නඩත්තු සිදුකිරීම් මනින විදිහ)

Section D – Excavation and earthwork (පොළව හෑරීම හා පොළව සමඟ කරන වැඩ මනින විදිහ)

Section E – (මේකත් අනු කාණ්ඩ 3කට කඩල තියෙනව)
Section E1 – Pilling (අත්තිවාරම් වර්ගයක් වන ටැඹ මනින විදිහ)
Section E2 – Diaphragm walling (කොන්ක්‍රීට් මගින් ගැඹුරට ඉදිකරන බිත්ති සැකිලි මනින විදිහ)
Section E3 – Underpinning (අළුතින් හෝ අළුත්වැඩියා කරන ගොඩනැගිල්ලක අත්තිවාරමේ ශක්තිය වැඩි කරවන අත්තිවාරම් වර්ගයක් මනින විදිහ)

Section F – Concrete works (මේකත් අනු කාණ්ඩ 4කට කඩල තියෙනව)
Section F1 – Insitu concrete (ඉදිකිරීම කරන අවස්ථාවේ එතනම දමන කොන්ක්‍රීට් මනින විදිහ)
Section F2 – Formwork (කොන්ක්‍රීට් දැමීම සඳහා සකසනු ලබන හැඩයම් ලෑලි මනින විදිහ)
Section F3 – Reinforcement in insitu concrete (තැත්වාත්තු කොන්ක්‍රීට් දැමීම සඳහා කරන වැර ගැන්වුම් එනම් කම්බි මනින විදිහ)
Section F4 – Pre-cast and pre-stressed concrete (පෙර සවි කොන්ක්‍රීට් හා පෙර ආතන්‍ය කොන්ක්‍රීට් සඳහා මනින විදිහ)

Section G – Masonry work (මේසන් වැඩ මනින විදිහ/ මේකත් අනු කාණ්ඩ 3කට කඩල තියෙනව)
Section G1 – Brick work/ Block work (ගඩොල් වැඩ හා සිමෙන්ති ගල් සඳහා මනින විදිහ)
Section G2 – Stone work (ගල් වැඩ මනින විදිහ)
Section G3 – Accessories/ Sundry items for bricks/ Block/ Stone walling (ඉහත ඒවායේ අමතර නැත්නම් සුළු වැඩ මනින විදිහ)

Section H – Water proofing (ජල පරිවාරක වැඩ මනින විදිහ)

Section J – Structural metal work for steel in framed structure/ Aluminum in framed structured/ metal work in unframed structure. (රාමු සහිත රහිත යකඩ සැකිලි හා රාමු සහිත ඇලුමින්යම් වැඩ මනින විදිහ)

Section K – Metal work (යකඩ වැඩ මනින විදිහ)

Section L – Wood work (ලී වැඩ මනින විදිහ/ මේකත් අනු කාණ්ඩ 3කට කඩල තියෙනව)
Section L1 – Carpentry (වඩු වැඩ මනින විදිහ)
Section L2 – Joinery (වෑද්දුම්/ වඩු වැඩ මනින විදිහ)
Section L3 – Ironmongery (දොර ජනෙල් වල සරනේරු ආදී අනෙකුත් සවිකුරු මනින විදිහ)

Section M – Cladding (ක්ලැඩින් නැත්නම් ආවරණ මනින විදිහ)

Section N – Partitions/ Lining/ suspended ceilings (බෙදා වෙන් කිරීම්/ ආස්තරන/ එල්ලෙන සිවිලම මනින විදිහ)

Section P – Roof covering/ Roof plumbing (වහල ආවරනය කිරීම හා දියබස්නා නල මනින විදිහ)

Section Q – Plumbing/ Sanitary installations (නල වැඩ හා සනීපාරක්ෂන උපකරණ මනින විදිහ)

Section R – Mechanical Installations (යාන්ත්‍රික දේවල් මනින විදිහ)

Section S – Electrical Installations (විදුලි වැඩ මනින විදිහ)

Section T – Floor/ Wall/ Ceiling finishes (ගෙබිම/ බිත්ති/ සිවිලිම ආදියේ නිමැවුම මනින විදිහ)
Section T1 – Floor finishes (ගෙබිම නිමැවුම මනින විදිහ)
Section T2 – Wall and Ceiling finishes (බිත්ති/ සිවිලිම ආදියේ නිමැවුම මනින විදිහ)

Section U – Glazing/ infill panels (වීදුරු හෝ තට්ටු අතර වෙන් කිරීමට භාවිත පැනල් මනින විදිහ)

Section V – Painting (තීන්ත ආලේපන මනින විදිහ)

Section W – Drainage system (Surface/ Below Ground/ Agriculture) (අපත ජලය බැහැර කිරීම් මනින විදිහ)

Section X – External works (ගොඩනැගිල්ලේ පිටත වැඩ මනින විදිහ)

ඔන්න ඔය කරුණු තමයි අපිට මනින්න තියෙන්නෙ. මේක බලද්දි තෙරෙනවනෙ ගොඩනැගිල්ලේ සියළුම අයිතමයන් කුමන හෝ වර්ගයකට අයත් කියල. Section I හා Section O එක මග ඇරිලද හිතනවත් ඇති. 1 ඉලක්කමට හා 0 ඉලක්කමට පැටලැවෙයි කියල තමයි පටුනෙන් ඒ අකුරු දෙක ඉවත් කරල තියෙන්නෙ. කොතරම් පැහැදිලිව හා නිවැරදිව මේ කරුණු පෙලගස්වලද බලන්න. එහෙනම් අනික් ලිපියෙන් තව ඉදිරියට කතා කරමු.



No comments:

Post a Comment