Saturday, April 18, 2020

Standard Method of Measurement II


මේ සම්බන්ධ පලවෙනි ලිපිය බලන්න ඇති. අපි එදා කතා කලා සම්මත මිනුමක් කියන්නෙ මොකක්ද?. ඒකෙන් වෙන්නෙ මොනවද හා එහෙම එකක් භාවිතයේ ඇති වාසි. අද අපි කියන්න යන්නෙ විවිධ වර්ගයේ සම්මත මිනුම් ක්‍රම ගැනයි.
විවිධ රට වල එම රටට ගැලපෙන විදිහට මේ සම්මත  මිනුම් ක්‍රම සකස් කරගෙන තියෙනව.ඒ වගේම ව්‍යාපෘතියේ ස්වභාවය අනුවත් මේ සම්මත  මිනුම් ක්‍රම වෙනස් වෙනව. උදාහරණයක් විදිහට කීවොත් විදේශ මූල්‍ය ආධාර හෝ විදේශීය උපදේශන ආයතනයක් විසින් මෙහෙයවන ව්‍යාපෘතියක්නම් අපිට ශ්‍රී ලංකාවේ භාවිතා වන විදියට නෙමෙයි කරන්න වෙන්නෙ. නමුත් මම හිතන විදියට ඔයාල දිගටම මේ ලිපි පෙලත් එක්ක ඉගෙනගත්තොත් ඒ ඕනම එකක් භාවිතා කරන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනව.පොඩි වෙනස් කම් විතරයි තියෙන්නෙ මේවගෙ.


විවිධ වර්ගයේ සම්මත මිනුම් ක්‍රම


Sri Lanka Standard 573 : 1999 – Standard Method of Measurements of building works
  • ICTAD ආයතනය විසින් (දැන් CIDA) මෙය SLS ප්‍රමිතියට අනුව සකසා ඇත. අවසන් වරට 1999 වසරේ ශෝධනය කර ඇත.
  • ශ්‍රී ලංකාවේ සියළු ව්‍යාපෘති සඳහා යෝග්‍ය වේ.
  • ගොඩනැගිලි වැඩ සඳහා පමණක් භාවිතා කරයි. ඒ කියන්නෙ සිවිල් වැඩ සඳහා භාවිතා කරණු නොලැබේ. සිවිල් වැඩ කියන්නෙ පාරවල්, පාලම්, බෝක්කු වගේ ඒව. උදාහරණයක් ලෙස අපි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් නිවසට ජල සැපයුම ගන්නවනම් අපගේ ජල මීටරය තෙක් සිවිල් වැඩ ලෙස හදුන්වනව. ජල මීටරයෙන් පසු අපිට SLS 573 එකෙන් මනින්න පුළුවන්.
  • SMM7 සම්මත මිනුම් ක්‍රමයේ ආකාරයටම වගේ තමයි තියෙන්නෙ. CESMM4 එකේ ආභාශයත් ලබාගෙන තමයි ශ්‍රී ලන්කාවට ගැලපෙන්න මේක හදල තියෙන්නෙ.

Standard Method of Measurement of Building Works Seventh Edition (SMM7)

  • Royal Institution of Chartered Surveyors (RICS) ආයතනය විසින් මෙය සකසා ඇත. අවසන් වරට 1998 වසරේ ශෝධනය කර ඇත.
  • ගොඩනැගිලි වැඩ සඳහා බොහෝ රට වල භාවිතා කරයි.
  • දත්ත පැහැදිලි ලෙස ඉදිරිපත් කර තිබීම නිසා වඩා නිවැරදිවත් සාධාරණවත් භාවිතා කල හැකිය.

Civil Engineering Standard Method of Measurement Fourth Edition (CESMM4)

  • The Institution of Civil Engineers (ICE). ආයතනය විසින් මෙය සකසා ඇත. අවසන් වරට 2012 වසරේ ශෝධනය කර ඇත.
  • සිවිල් වැඩ සඳහා භාවිතා කරයි.

New Rules of Measurement (NRM)

  • මෙහි වෙළුම් 3කින් සමන්විතයි. NRM 2 මැනුම් කිරීමට භාවිතා වේ.
  1. NRM1: Order of cost estimating and cost planning for capital building works.
  2. NRM2: Detailed measurement for building works (replacing the Standard Method of Measurement, seventh edition SMM7).
  3. NRM 3: Order of cost estimating and cost planning for building maintenance works.

Principles of Measurement (International) for work of construction (POMI)

  • Royal Institution of Chartered Surveyors (RICS) ආයතනය විසින් මෙය සකසා ඇත. 1979 සිට පලකිරීම භාවිතා වෙයි.
  • ඉතා සරල ලෙස සකසා ඇත.
ඉහත සඳහන් සම්මත මිනුම් ක්‍රම තමයි බොහෝ විට භාවිතා වන්නේ. (මෙම Photos ඔබගේ  දැන ගැනීම සඳහා අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලදී) ඒවගෙ පොත් තියෙන අය බෙදාගන්න කැමතිනම් අපේ Navita Academy Facebook Page එක හරහා බෙදා ගන්න පුළුවන්. රට රටවල් වලට ගැලපෙන්න හදාගත්තු සංස්කරණත් තියෙනව. ඒව ගැන දන්න අයත් අපේ Navita Academy Facebook Page එකේ හරි Navita Academy Facebook Group එකේ හරි පල කලොත් අනික් අයටත් දැනගන්න පුළුවනි. නැත්නම් අපිට Email කරන්න. ලිපියක් විදිහට අපි පල කරන්නම්.
ඊලග ලිපියෙන් මම කියල දෙන්නම් කොහොමද මේ පොත පරිශීලනය කරන්නෙ කියල.ප්‍රථමයෙන් SLS 573 භාවිතයෙන් පටන් ගමු. අපේ Navita Academy Facebook Page එකට Like එකක් දාල තිබ්නනම් අපි ලිපියක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊලග ලිපියට කලින් SLS 573 පොතක් හොයගන්න තිබ්බනම් ගොඩක් හොදට කියන එක තේරුම් ගන්න පුළුවන්. ලිපියේ හොද නරක හා ඔයාලගෙ අදහස් පහලින් Comment කලොත් වඩා ගුණාත්මක ලිපි ඉස්සරහට ඔයාලට දෙන්නත් පුළුවන් වෙයි.



No comments:

Post a Comment