Monday, April 20, 2020

Interim payment II

කලින් ලිපි වලට ප්‍රතිචාර ගොඩක් ලැබුණා. විවිධ මාතෘකා ගැන කතා කලා. ඔයාලටත් ඒවගෙන් ප්‍රයෝජනයක් උනානම් පහලින් හරි Navita Academy Facebook Page එකේ හරි Navita Academy Facebook Group එකේ හරි Comment එකක් දාන්න.ඒ අනුව අපිට ලිපි පෙල ඉදිරියට අරගෙන යන්න පුළුවන්. සාකච්ඡාවක් විදිහට මේ ලිපි පෙල ගියොත් නිකම්ම නිකම් ලිපියකට වඩා සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙයි කියල හිතෙනව. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලගෙ අදහස් කියන්න.
CIDA/SBD/02 එක හොයා ගන්න ඇති නේද? ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්නවනම් ටික ටික මේ පොත් ටික අරන් තියා ගන්න. පාඩුවක් වෙන්නෙ නෑ. මේක තිබුනොත් ඔයාලට තවත් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්.


CIDA/SBD/02 එකේ ප්‍රධාන කොටස් (Section) 11ක් තියෙනව. 

  1. Instruction to Bidder - ලංසු තබන්නාට උපදෙස්
  2. Bidding Data - ලංසු තබන්නාට ලබා දෙන දත්ත
  3. Conditions of the Contract - කොන්ත්‍රාත්තුව සඳහා ඇති කොන්දේසි
  4. Contract Data - කොන්ත්‍රාත්තුව සඳහා ඇති දත්ත
  5. Standard Forms (Contract) - සම්මත ලිපි ලේඛණ 
  6. Specifications - පිරිවිතර
  7. Form of Bid - ලංසු ආකෘති පත්‍රය
  8. Bills of Quantities - ප්‍රමාණ බිල් පත්‍රය
  9. Schedules - විවිධ ලැයිස්තු
  10. Drawings - සැලසුම්
  11. Standard Forms (Bid) - ලංසු සම්මත ලිපි ලේඛණ

යම් ඉදි කිරීමකට අවශ්‍ය කොන්දේසි මොනවද කියල මේ පොතේ Section 3 එකේ තියෙනව. තවත් දෙයක්, අපි භාවිතා කරන්නේ කුමන කොන්ත්‍රාත් ආකෘති පත්‍රයද (Form of Contract) කියල ටෙන්ඩර් කරන අවස්ථාවේදී ටෙන්ඩර් ලිපි ලේඛණ වල (Bidding Documents/ Tender Documents) සඳහන් කරල තිබීම අත්‍යවශ්‍යයි.
මෙහි 35 වන පිටුවෙහි පහත පරිදි අඩංගු කරුණු ගැන ඉතා ක්‍රමානුකූල ක්‍රමයකට කොටස් 20 කට බෙදා පෙල ගස්වා තිබෙනව. ඉන් පහසුවෙන්ම අදාල කුමක්ද යන්න වග ඉතා පහසුවෙන් පරිශීලනය කරගත හැකියි.


  1. General Provisions (මෙහි සඳහන් වචන වල අර්තකථනයන්, පවතින නීතීන්, භාෂාව, කොන්ත්‍රාත් ගිවිසුම් ආදිය ගැන මෙහි සඳහන් කරනව)
  2. The Employer (සේවා යෝජකයා පිලිබද කරුණු, ඔහුට ලබා ගත හැකි හිමිකම් ආදිය ගැන මෙහි විස්තර කරනව.)
  3. The Engineer (ඉංජිනේරු තැන හෝ උපදේශන තැනගේ යුතුකම් හා වගකීම්, අපක්ෂපාතීකම ආදිය මෙහි සඳහන් කරල තියෙනව)
  4. The Contractor (කොන්ත්‍රාත්කරු බැදී සිටින කරුණු, මේ සඳහා කොන්ත්‍රාත්කරු වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන්, උප කොන්ත්‍රාත්කරුවන් පිළිබද කරුණු, ආරක්ෂාව ගැන කරුණු, බලාපොරොත්තු නොවූ අවස්ථා වල ගත යුතු ක්‍රියාමාර්ග, උපකරණ, ගුණාත්මක භාවය පවත්වා ගැනීම, වැඩබිමේ ප්‍රගතිය ආදී කරුණු ගැන මෙහි සඳහන් වෙනව.)
  5. Nominated Subcontractors (නාමික උපකොන්ත්‍රාත්කරුවන් එනම් සේවායෝජකයා විසින් නම් කරන ලද කොන්ත්‍රාත්කරුවන්ගේ වගකීම්, ගෙවීම් ආදිය ගැන මෙහි සඳහන්.)
  6. Staff and Labour (කොන්ත්‍රාත්කරුගේ ශ්‍රමිකයන්, ඔවුන්ගේ වැටුප් හා දීමනා, වැඩ කරන කාලය, ආරක්ෂාව ආදිය ගැන සඳහන්.)
  7. Plant, Materials and Workmanship (දිය යුතු සාම්පල්,  කල යුතු පරීක්ෂණ, භාවිතා කරන භාණ්ඩ ස්ම්බන්ධ දේවල් මෙහි සඳහන්.)
  8. Commencement, Delays and Suspension (අදාල කොන්ත්‍රාත්තුව ආරම්භ කල යුතු විදිය, අවසන් කල යුතු කාලය, අවසන් කල යුතු කාලය දිගු කිරීම පිළිබද කරුණු, වැඩය නිම කිරීමට ප්‍රමාද වීම නිසා සේවායෝජයාට සිදු වූ පාඩුව අය කර ගැනීම ගැන සඳහන්.)
  9. Tests on Completion (පරීක්ෂණ පැවැත්වීමට ප්‍රමාදවීම්, නැවත පරීක්ෂා කිරීම්, පරීක්ෂා කල දේ අසමත් වීම් සම්බන්ධ කරුණු මෙහි ඇතුලත්.)
  10. Employer’s taking over (අදාල වැඩය/ ඉදිකිරීම සේවා යෝජකයා විසින් භාර ගැනීම, කොටස් වශයෙන් භාර ගැනීම ආදී කරුණු මෙහි ඇතුලත්.)
  11. Defects Liability (ඉදි කිරීම අවසන් වූ පසු යම් කිසි කාලයක් යනතුරු නඩත්තු කටයුතු කල යුතුයි. ඒ සමඟම ඇති අඩුපාඩු සකස් කර දිය යුතුය. අන්න ඒ වැඩ සඳහා යන වියදම්, එම අඩුපාඩු සැකසීම නොකලහොත් මොකක්ද වෙන්නෙ, වැඩබිම පිරිසිදු කිරීම ආදිය මෙහි සඳහන්.)
  12. Measurement and Evaluation (මැනුම් ගත යුතු වැඩ, භාවිතා කරන සම්මත මිනුම් ක්‍රමය, අඩුකිරීම්, ආදිය සඳහන්.)
  13. Variation and Adjustments (ඉදි කිරීම අතරතුර වෙනස් කම් සිදුවන එක නිතරම වගේ වෙන දෙයක් අන්න ඒ වෙලාවට ඒව අගයන්නෙ නැත්නම් මිල කරන්නෙ කොහොමද, යම් වැඩක් එහි අවශ්‍යතාව වෙනස් නොකර විකල්පයන් වලට යාම, තාවකාලික මුදල් වෙන් කිරීම් ගැන, අමුද්‍රව්‍ය වල මිල වෙනස් වීම නිසා ගත හැකි ක්‍රියාමාර්ග මෙහි සඳහන්.)
  14. Contract Price and Payment (කොන්ත්‍රාත් මිල, අත්තිකාරම් මුදල, IPA එක හදා ගන්න විදිය, ගෙවීම් කටයුතු, ගෙවීම් ප්‍රමාද වීම ගැන, රැදවුම් මුදල්, අවසාන ගිණුම සැකසීම් ආදී දේ ගැන මෙහි සඳහන්.)
  15. Termination by Employer (සේවා යෝජකයා විසින් වැඩය නැවැත් වීම්, එහිදී ගෙවීම් කල යුතු ආකාරය ආදිය ගැන මෙහි සඳහන්.)
  16. Suspension and Termination by Contractor (කොන්ත්‍රාත්කරු විසින් වැඩය නැවැත් වීම්, එහිදී ගෙවීම් කල යුතු ආකාරය, කොන්ත්‍රාත්කරුගේ උපකරණ ඉවත් කරගැනීම ආදිය ගැන මෙහි සඳහන්.)
  17. Risk and Responsibility (කොන්ත්‍රාත්කරුගේ, සේවකයන්ගේ, භාණ්ඩවල, වැඩයේ, සේවායෝජකයාගේ අවදානම හා එහි වගකීම මෙහි සඳහන්.)
  18. Insurance (ඉහත (17) කරුණු රක්ෂණය සම්බන්ධ කරුණු මෙහි ඇතුලත්.)
  19. Claims, Disputes and Arbitration (කොන්ත්‍රාත්කරුගේ හිමිකම්, ගැටළු නිරාකරණය, ආදිය ගැන මෙහිදී කතා කරණු ලබනව.)
  20. Force Majeure (ප්‍රමාදවීම් වැලැක්වීමට ගත හැකි කරුණු, විකල්ප නැවැත්වීම් හා ගෙවීම් ආදිය මෙහි සඳහන්.)

ලිපිය ටිකක් දිග වැඩි උනා. නමුත් මෙහි සාරාංශයක් පිළිබදව අදහසක් තිබුණනම් හොදයි කියල හිතුන නිසා දැනුවත් කිරීමක් කලේ.CIDA/SBD/02 එකේ Section 3 එකේ තමයි අපි දැන් කතා කරන Interim Payment Application (IPA) එක ගැන කියල තියෙන්නෙ. IPA මොකක්ද කියල ඔයාල දැන් දන්නවනෙ. මේක හදන්න සපුරාලිය යුතු කරුණු හා නීති රීති මොනවද කියල ඊලඟට කතා කරමු. පුළුවන්නම් මේ පොත හොයාගෙන කලින් ලිපියේ සඳහන් කල කොටසවත් බලාගෙන තියා ගන්න.


No comments:

Post a Comment