Friday, April 17, 2020

Interim payment I

ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් කරගෙන යන විට වැදගත්ම දේ තමයි මුදල්. කරගෙන යන ව්‍යාපෘතිය නියමිත කාලයට ලබා දෙන්නනම් එයට මුදල් ගලා ඒම නිවරදිව තියෙන්න ඕන. මුදල් ගැලීම (Cash flow) හා ඒ සටහන් (Cash flow chart) හදා ගැනීම නෙමේ අද කියන්නෙ නම්. ඒක අපි තව ලිපියකින් කතා කරමු.


අද ලිපිය මගින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ කොන්ත්‍රාත්කරු (Contractor) විසින් කරන ලද වැඩ වලට කොහොමද මේ මුදල් ලබා ගන්නෙ කියන එකට ප්‍රවේශයක් ගන්නයි. ඒ සඳහා අපි ලියවිල්ලක් සාදනව. ඒකට කියන්නෙ අතුරු තක්සේරු ගිණුම්අයදුම්පත (Interim payment application - IPA) කියලයි.


මේක ගැන මම කලින් ලිපියක සඳහන් කලා.මේ සම්බන්ධවත් ලිපි පෙලකින් කතා කරන්න තමයි බලා පොරොත්තු වෙන්නෙ මාතෘකාව ටිකක් සංකීරණ නිසා. සරලව කියල දෙන්න පහසු වෙන්නයි. ඔයලගෙ අදහස් අරගෙන ලියන්නත් පුළුවන් වන නිසා. ඒ නිසා අනිවාර්යෙන්ම මේ සම්බන්ධ අදහස් කියන්න අපිට.

බොහෝ විට මාසයකට එකක් බැගින්. නැත්නම් කොන්ත්‍රාත් ගිවිසුම් වල සඳහන් කරනව කොපමණ මුදලක් ඉක්මවා ගිය විටද මේ අතුරු තක්සේරු ගිණුම සැකසිය යුතුද කියල හා කොපමණ කාලයකින්ද කියල.
කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාණ සමීක්ෂක (Contractor’s Quantity Surveyor) තමයි මෙය සාදන්නෙ. අද කියල දෙන්නෙ නැවත මැන (Re-measurements/ Measure and pay) ගෙවීම් කරන පදනම (Payment method) යටතේ කරනු ලබන කොන්ත්‍රාත්තුවක අතුරු තක්සේරු ගිණුම් අයදුම්පත (Interim payment application - IPA) ගැනයි. වැඩ බිම් වල කියන්නෙනම් බිල් (Bill) එක කියල. අහලත් ඇති. ඒක භාවිතා කලාට අතුරු තක්සේරු ගිණුම් අයදුම්පත (Interim payment application - IPA) තමයි හරි වචනෙ.

තව තියෙනව කුට්ටි මුදල් (Lump sum) කියල ගෙවීම් කරන කොන්ත්‍රාත් ක්‍රමයක්. ඒක ගැනත් දැනගන්න ඕනනම් පහතින් Comment එකක් හරි නැත්නම් Navita Academy Facebook Page හෝ Navita Academy Facebook Group හරි Comment එකක් හරි දාන්න.Email එකක් හරහා අපිව සම්බන්ධ කරගන්නත් පුළුවන්.

අපි මේ IPA එක සාදන්න සම්මත ක්‍රමයක් තියෙනව. ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදය ගැන තියෙන්නෙ Institute of Construction Training and Development (ICTAD) එකෙන් නිකුත් කරපු (දැන් Construction Industry Development Authority - CIDA) ඒ සම්මත ලේඛණයේ. මේ තියෙන්නෙ ඒ පොත් ටික. මෙතනම පොඩ්ඩක් විස්තර කරන්නම්. කරන කොන්ත්‍රාත්තුවේ මිල අනුව හා කොන්ත්‍රාත් ක්‍රමය අනුව වෙනස් වෙනව. පොත් 4ක් ප්‍රධාන ලෙස තියෙනව.

  • CIDA/SBD/01 - Standard Bidding Document – Procurement of Works – [2nd Edition-(Revised) January 2007] - රුපියල් මිලියන 10 සිට රුපියල් මිලියන 100 දක්වා ඉදි කිරීම් සඳහා තමයි අනුමත කරල තියෙන්නෙ.
  • CIDA/SBD/02 - Standard Bidding Document – Major contracts – [2nd Edition (Revised) January 2007] - රුපියල් මිලියන 100 ට වඩා වැඩි ඉදි කිරීම් සඳහා තමයි අනුමත කරල තියෙන්නෙ.
  • CIDA/SBD/03 - Standard Bidding Document – Minor Contracts – [2nd Edition (Revised) – January 2007] - රුපියල් මිලියන 10 ට වඩා අඩු (රුපියල් මිලියන 10 දක්වා) ඉදි කිරීම් සඳහා තමයි අනුමත කරල තියෙන්නෙ.
  • ICTAD/SBD/04 - Standard Bidding Document – Design & Build Contracts [1st Edition (Revised) May 2003] - සැලසුම් හා ඉදිකිරීම යන දෙකම එකම පාර්ශවයක් (කොන්ත්‍රාත්කරු/කොන්ත්‍රාත්කාර ආයතනය) විසින්ම කරන කොන්ත්‍රාත් සඳහා.
මේ 4 තමයි ප්‍රධානව භාවිත කරන්නෙ.මේ පොත් තියෙන අය අපගේ Facebook page එක හරහා හුවමාරු කරගත්තොත් ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත් වෙයි. හරි දැන් අපි කතා කරපු IPA එක හදන්න මම මෙතනින් CIDA/SBD/02 එක ගන්නම්. (අනික්වගෙත් සුළු වෙනස්කම් තියෙන්නෙ. මේක ඉගෙන ගත්තම ඒවටත් යොදා ගන්න පුළුවන්.). IPA එක ගැන මේකෙ කියනව කොහොමද හදන්නෙ හා ඒකට සපුරන්න ඕන අවශ්‍යතා මොනවද කියල.

ඒ මොනවද කියල මම ඊලඟ ලිපියෙන් කියන්නම්. එතකම් පහතින් CIDA/SBD/02 එකේ එම අදාල නීතිය තියෙන තැන Screenshot දාන්නම්. ඊලඟ ලිපිය කියවන්න කලින් පොඩ්ඩක් මේක කියවල අදහසක් අරගෙන ඉන්න කියලත් කියන ගමන් අද ලිපිය නවත්තන්නම්.




                           

9 comments:

  1. හොද විචාරයක්. අනර්ගයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. අඩු පාඩු තිබුණොත් දැනුවත් කරන්න. ඉදිරියට එය ප්‍රයෝජනවත් වෙයි.

      Delete
  2. Nice work bro go ahead....!!

    ReplyDelete
  3. This is more valuable for QS students like us. Thank you. Can you please made another post about procurement types and process?

    ReplyDelete
    Replies
    1. Thank you very much. sure. keep in touch with Navita Academy

      Delete