Wednesday, April 15, 2020

Standard Method of Measurement I


සම්මත මිනුම් ක්‍රම (Standard Method of Measurement - SMM)

කලින් ලිපි වලට ගොඩක් Email පණිවිඩ ඇවිත් තිබුණ, සම්මත මිනුම් ක්‍රම ගැන ලිපියක් ගේන්න කියල ඉල්ලීමකුත් තිබුණ. කතා කරපු ඒවටත් අදාල නිසා අද ඒ ගැන කතා කරන්න හිතුන. 

මොකක්ද මේ සම්මත මිනුම් ක්‍රමයක් කියන්නෙ?

එක වගේ මිනිසුන් මේ ලෝකෙ නැහැ. ඉතින් මිනිසුන් හිතන පතන විදියත් වෙනස්. උදාහරණයක් විදියට මම ඔයාලට කීවොත් ඔයාලගෙ ගෙදර තියෙන දොරවල් මනින්න කියල ඔයාල ඔක්කොම ඒක කරයි. ඒ කොහොමද බලමු
  • පළමු පුද්ගලයා - දොරවල් ගණන, ඒ කියන්නෙ 1, 2, 3 කියල ගණන් කරල මෙච්චරයි කියල කියන්න පුළුවන්.
  • දෙවන පුද්ගලයා - දොරේ කවුළුවෙ පළල, උසින් වැඩි කරල ගන්න  පුළුවන්.
  • තෙවන පුද්ගලයා - දොරේ රාමුව වෙනම මැනල, පියන වෙනම මැනල සඳහන් කරන්න පුළුවන්.

මේ ක්‍රම සියල්ලම නිවැරදියි. ඒ වගේම ඒවගෙන් නිවැරදිව මිල කරන්නත් පුළුවන්. නමුත් මේක ප්‍රශ්ණ ගොඩක්.එකම ගොඩනැගිල්ල මේ තුන් දෙනා මැනීම් කටයුතු කලොත් ආකාර තුනක්.මෙහි ගැටළු මතු වෙන්න තියෙන අවස්ථා ඉතා වැඩියි.එහෙම වෙලත් තියෙනව. මෙන්න මේකට විසඳුමක් හොයද්දි තමයි, සියළු දෙනාටම මිනුම් ගැනීමේදී අනුගමනය කල යුතු මග පෙන්වීමට ලේඛණයක් එන්නෙ.
එකම ගොඩනැගිල්ල විවිධ පුද්ගලයො එයාලට ඕන විදියට මැනීම කරන එක වලක්වන්න පුළුවන්, ඔක්කොටම ඒක මනින විදිය ගැන සම්මතයක් තිබුණම.එවිට සියළු දෙනාම එකම විදියට මැනීම කරනව. එතකොට ඕන පුද්ගලයෙක් දන්නව දොරක්නම් මනින්නෙ ගණන් කරල (nr) , ගඩොල් බිත්තියක්නම් වර්ග මීටර (m2) කියල.
අන්න ඒ වෙනස් වෙනස් විධියට මනින්නෙ නැතුව සියළු දෙනාම එකම විදියට මනින්න තමයි අපිට සම්මතයක් ගෙනත් මග පෙන්වන්නෙ මෙහෙම කරන්න කියල.

සම්මත මිනුම් ක්‍රමයක් තිබීමේ වාසි මොනවාද?

දැන් ඔයාල දන්නව මොකක්ද මේ සම්මත මිනුම් ක්‍රමයක් කියන්නෙ කියල. මේ විදියට ඒකාකාරී නිසා තියෙන වාසි මොනවද බලමු.

  • දැන් අපි මෙන්න මේ කියන සම්මත ක්‍රමයට මැනපුව ඔක්කොම එකම විදියට තියෙනව කවුරු හැදුවත්. මේ විදියට ඒකාකරී නිසා අපිට ටෙන්ඩර් ඇගයීමට පහසුවක් වෙනව. එකින් එකට වෙනස් නැහැනෙ. සියල්ලම එකම ආකෘතියකට අරගෙන මිල ගණන් විතරක්  බලන්න පුළුවන්.
  • මෙහි පවතින නීති රීති ඕනම මැනීමකට පහසුවෙන් යොදා ගන්න පුලුවන් වගේම එහිදී වෙන්න තියෙන අඩුපාඩු ගොඩක් අඩුයි.
  • අපි මනින ලද අයිතමයේ ගුණාත්මක භාවය හා එහි මිනුම් වල නිවැරදි තාවය ඉතා වැඩියි.
  • ගොඩනැගිල්ලක් උදාහරණෙකට ගත්තොත් එම ගොඩනැගිල්ලේ පුළුල් පරාශයක් ඔස්සේ මැනීම් කටයුතු නිවැරදිව කර ගන්න පුළුවන්.
  • අපිට මේකෙන් අදුනගන්න පුළුවන් වඩා වැඩිපුර මුදලක් කුමන වැඩ අයිතම සඳහාද ගිහින් තියෙන්නෙ කියල බලල අඩු කරගන්න පුළුවන් විදිහේ විකල්ප මොනවද කියල බලන්නත්. අනවශ්‍ය ඒවා ඉවත් කරන්නත්.
  • මේ පොතේ තියෙන්නෙ එක්තරා පිලිවෙලකට වැඩ අයිතම සටහන් කරල. ඉතින් ඒක නිසා අපි මිනුම් ගැනීමේදී ඇතිවන අඩුපාඩු,අහඹු මගහැරීම් වගේම පලලැවිලි සහිත තැන් මග ඇරල එහෙම නොවෙන්න නිවැරදි වැඩ විස්තරයක් ලියන්නත් පුලුවන්.


ඔන්න ඕව තමයි සම්මත මිනුම් ක්‍රමයක් තුලින් අපිට ලැබෙන්නෙ. ඒ පිලිබඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතනව.
මේ සඳහා ලෝකය පුරා විවිධ වර්ගයේ සම්මත මිනුම් ක්‍රම භාවිතා කරනව. විවිධ ආයතන මගින් අදාල රටවල් වලට ගැලපෙන්න හදපු. ඒ මොනවද කියල අපි ඊලග ලිපියෙන් බලමු. ඒව ගැන දැනගන්න අපේ Navita Academy Facebook පිටුවට Like එකක් දාල Follow කරල තිබ්බනම් අපි ලිපියක් දාපු ගමන් බලාගන්න පුළුවන්. Navita Academy Facebook group එකකුත් තියෙනව ඒකටත් Join වෙලා ඔයාලගෙ දැනුමත් බෙදා ගන්න. ඔයාලටත් ලිපි ලියන්න පුළුවන්නම් එකතු වෙන්න අපිත් එක්ක දැනුම බෙදා ගන්න.ඔයාලගෙ ලිපියත් අපි පල කරන්නම්. Email කරන්න අපිට.

No comments:

Post a Comment