Wednesday, December 20, 2023

Navigating the Pre-Contract and Post-Contract Stages

ඉදිකිරීමක් කිරීමේදී සාමාන්‍යයෙන් කොටස් කිහිපයකට බෙදා වෙන් කරගෙන කරන්න පුළුවන්. මේකෙදි ප්‍රධාන වශයෙන් පෙර කොන්ත්‍රාත් අවස්ථාව (Pre-Contract Stage) හා පසු කොන්ත්‍රාත් අවස්ථාව (Post-Contract Stage) කියල කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ කොටස් දෙක යටතෙ තව මොනවද තියෙන්නෙ කියල බලමු. සිංහල වචන වලින් සමහර ඒව කියන්න අපහසුයි. සහ සමහර වචන නොදන්න ඒව තියෙනව සිංහලෙන්. මේ වචන තමයි ඔයාල field එකෙදි භාවිතා වෙන්නෙ.



Pre-Construction Stage.


1. Project Planning.

1.1 Feasibility Studies.

ඉදිකිරීමක් ආරම්භ කරන්න කලින් මුලින්ම කරන දෙයක් තමයි ශක්‍යතා අධ්‍යයනය. යෝජිත ව්‍යාපෘතියක ප්‍රායෝගිකත්වය සහ ශක්‍යතාව තක්සේරු කිරීම සඳහා සිදු කෙරෙන විශ්ලේෂණයකි. එය සාමාන්‍යයෙන් තාක්ෂණික, ආර්ථික, නීතිමය, මෙහෙයුම් සහ උපලේඛනගත සාධක වැනි විවිධ පැති පරීක්ෂා කර ව්‍යාපෘතිය ශක්‍යද යන්න සහ අනුගමනය කළ යුතුද යන්න තීරණය කරයි.

1.2 Site Selection.

සුදුසු ස්ථානයක් තෝරාගැනීම හා ඇගයීම මෙහිදී සලකා බලනු ලබනව.


2. Design Development.

මෙන්න මේ යටතෙදි අපි හැමෝම දන්න සැලසුම් නිර්මාණය කිරීම සිද්ධ කරන්නෙ.

 2.1 Architectural Design.

සවිස්තරාත්මක සැලසුම්, අවශ්‍යතාවය අනුව පෙනුම කෙසේ විය යුතුද යන්නමේ යටතේදී නිර්මාණය කරනව.  (detailed plans and drawings)

 2.2 Engineering Design.

තාක්ෂණික කරුණු සලකා බලමින් structural, electrical, and mechanical systems සහිත සැලසුම් සැකසීම මේ අවස්ථාවේදී සිදුකරනව.


3. Permitting and Approvals.

3.1 Regulatory Compliance.

අදාල බලධාරීන්ගෙන් හා නියාමන ආයතන මඟින් අවසරයන් හා අනුමැතියන් ලබා ගැනීම මේ යටතේ සිදුකරනු ලබනව.

 3.2 Environmental Impact Assessment.

ඕනෑම ව්‍යාපෘතියක් කිරීමේදී ස්වභාවික පරිසරයට හානි සිදු වෙනව. මේ හානි මොනවද හා ඒවා අවම කරගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද බැලීම සිදුකල යුතුම වෙනව. 


4. Budgeting and Cost Estimation.

4.1 Cost Estimates.

ව්‍යාපෘති සැලසුම හා අවශ්‍යතාවය අනුව සම්පූර්ණ ඇස්තමේන්තුව (Detailed cost estimate) සකස් කිරීම මේ යටතේ සිදුකරනු ලබනව.

4.2 Budget Planning.

මේ සඳහා ඉදිකිරීම් කාල වල අවශ්‍ය කරන මුදල් කොපමණක්ද හා කුමන කාලයේද යන්න මෙහිදී බලනව.


5 Procurement.

5.1 Material Procurement.

අමුද්‍රව්‍ය ලබා ගන්නේ කොහොමද හා Availibilty ගැන මේ යටතේ බලන්න ඕන.

5.2 Contractor Selection.

කොන්ත්‍රාත්කරුවන් හා උපකොන්ත්‍රාත්කරුවන් තෝරගන්නෙ කොහොමද හා ඒ සඳහා භාවිතා කරන ක්‍රමවේද මොනවද කියල මීලගට බලනව. සුදුසු ක්‍රමවේදය අනුව කොන්ත්‍රාත්කරුවන් තෝරා පත් කරගැනීම මෙහිදී සලකා බලනව.


6. Risk Management.

6.1 Risk Identification. 

විය හැකි අවදානම් හඳුනා ගැනීම සහ ඒවා අවම කිරීම සඳහා ගත හැකි  උපාය මාර්ග මොනවද කියල බැලීම මේ යටතේදී කරනව.

6.2 Insurance.

ව්‍යාපෘතියට අදාල හා ගැලපෙන රක්ෂණ ආවරන, කාල සීමා තීරණය කිරීම මේ යටතේ සලකනව.


Post-Construction Stage.

1 Project Execution

1.1 Construction.

දී තිබෙන සැලසුම් හා පිරිවිතර වල අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මේ අවස්ථාවේ සිදු කරනු ලබනව

1.2 Quality Control.

බලාපොරොත්තු වන එක තියෙනවද ආ සම්මතයන්ට අනුව තියෙනවද කියල මේ මඟින් බැලීම සිදුකරනව.

1.3 Project Monitoring.

වැඩබිමේ ප්‍රගතිය (progress), පිරිවැය (costs) සහ කාල නියමයන් (timelines) දිනපතා පරීක්ෂාකිරීමක් සිදුකලයුතු වෙනව. අපි ඉන්නෙ කොහෙද කියල මෙමඟින් බලාගන්න පුළුවන් වගේම යම් වැඩ පහුවෙලානම් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නත් පුළුවන්.


2 Contract Administration

2.1 Contractual Compliance.

සියලුම පාර්ශවයන් (Parties) කොන්ත්රාත්තුවේ නියමයන් සහ කොන්දේසි (Terms and conditions) වලට අනුකූල වන බවට සහතික විය යුතුයි.

2.2 Change Orders.

මුල් කොන්ත්රාත්තුවේ යම් වෙනස්කම් හෝ වෙනස් කිරීම් (Changes or modifications to the original contract) කළමනාකරණය කිරීම මේ යටතේ සිදුකරනව.

2.3 Payment Administration.

සම්පුර්ණ කරන ලද වැඩ මත පදනම්ව කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් පරිපාලනය කිරීම මේ යටතේ සිදුකරනව.


3 Project Closeout.

3.1 Final Inspections.

සම්පූර්ණ කරන ලද ව්‍යාපෘතිය ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීම මේ අවස්ථාවේ බැලීම සිදුකරනව.

3.2 Punch List.

අඩුපාඩු (Defects) තියෙන නිවැරදිකල යුතු ලැයිස්තුවක් සැදීම මෙහිදී කරනු ලබනව.

3.3 Client Acceptance.

සම්පූර්ණ කරන ලද ව්‍යාපෘතිය සඳහා Client ගේ අනුමැතිය ලබා ගැනීම හා එය අවසාන බව (Approval and acceptance) Client විසින් පිළිගැනීම.


4 Documentation and Handover.

4.1 As-Built Drawings.

ඉදිකිරීම් අතරතුර සිදු කරන ලද ඕනෑම වෙනස්කමක් සිදුකලේ නම් ඒ සඳහා සැලසුම් යාවත්කාලීන කිරීම (Update drawings)

4.2 Manuals and Documentation.

Client ට මෙහෙයුම් සහ නඩත්තු අත්පොත් (Operation and maintenance manuals) ලබා දීම.


5 Financial Closure

5.1 Final Payments.

කොන්ත්‍රාත්කරුවන්ට අවසාන ගෙවීම් (Final payments) ඇතුළුව, ඉතිරිව ඇති මූල්‍ය කාරණා විසඳන්න මේ අවස්ථාව භාවිතා කරන්න පුළුවන්.

5.2 Financial Reporting.

ව්‍යාපෘතියට අදාළ සම්පූර්ණ මූල්‍ය වාර්තාකරණය සහ ලියකියවිලි (Financial reporting and documentation) සැකසීම මෙහිදී කරනු ලබනව. 


6 Occupancy and Operations.

6.1 Occupancy Permit. 

පදිංචිය සඳහා අවශ්‍ය බලපත්‍ර (necessary permits) ලබා ගන්න මේ අවස්ථාව යටතේ සිදුකරනව.

6.2 Transition to Operations.

කරන ලද ඉදිකිරීම client ට භාවිතා කිරීමට ඉඩ දෙන්න දැන් පුළුවන්.


7 Post-Construction Evaluation

7.1 Performance Evaluation.

අරම්භයේදී තිබූ අවශ්‍යතා (initial goals and specifications), මුදල් සමඟ අවසානයේ කුමක් වෙලාද කියල බලන්න පුළුවන්. ඉදිරි වැඩ වලට වගේම දල ඇස්තමේන්තු සකස් කරන්න මෙන්න මේ දත්ත ඉතා වැදගත් වෙනව.

7.2 Lessons Learned.

ගොඩක් දෙනා නොකරන අපේ සාමාන්‍ය ජීවිතයටත් ඉතා වැදගත් අපි කරපු ව්‍යාපෘතියෙන් අපි ඉගෙනගත් දේවල් මොනවද කියල අධ්‍යයනය කිරීම කල යුතුමයි.


තමන්ට ජීවත් වෙන්න හදන නිවසේ සිට මහා පරිමාණ ව්‍යාපෘති සඳහා මේ කියන කාරනා ටික නිවැරදිව කිරීම මඟින් කරනු ලබන ඉදිකිරීම් ඉතා සාර්ථක හා ඵලදායි ලෙස කරන්න පුළුවන්.


මේ ගැන video එක මෙතනින් බලන්න



Quantity Surveyor ලගෙ සහයෝගය මේ සඳහා ලබා ගන්න අපේ පළපුරුදු ප්‍රමාණ සමීක්ෂකවරුන් සම්බන්ධ කරගන්න Navita Academy FaceBook හරහා පුළුවන්.

WhatsApp - (+94)71 - 246 9098


ගුණාත්මක ඉදිකිරීමක් කරගන්න නොමිලයේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උපදෙස් ලබා ගන්න Navita Homes සමඟ මෙතනින් සම්බන්ධ වෙන්න.

Email - madusanka@navitahomes.com

Mobile - 071 - 246 9098


© Madusanka Jayalath by Navita Academy

No comments:

Post a Comment