වැඩබිමක් තුල වැඩකරන සියලුම දෙනාට අමුද්‍රව්‍ය ඇනවුම් කිරීමට සිදුවෙලා ඇති ඔයාලත් දැනටමත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකරන කෙනෙක්නම්. අද අපි කතාකරන්න යන මාතෘකාව වැඩබිමක සියලුම දෙනාට වැදගත් වන අමුද්‍රව්‍ය ඇනවුම් කිරීම ගැන.
නිවැරදිව බිත්ති බැදීම කරල තියෙනවනම්. ඒ කියන්නෙ බිත්ති ලබ කරල බැදලනම් සාමාන්‍යයෙන් 12mm ඝනකම කපරාරුවක් තමයි සිදුකරන්නෙ. මෙහිදී ඕනෑම මිශ්‍රණයක වියලි පරිමාව නැත්නම් dry volume හා තෙත පරිමාව හෙවත් wet volume කියල දෙකක් තියෙනව කියල ඔයාල දන්නවනෙ. එම පරිමා අනුපාතය 1.34 ක් පමණ කියල තමයි සලකන්නෙ. ඒ කියන්නෙ අපිට කපරාරු කිරීමට 1m3 පරිමාවක් තියෙනවනම් ඇත්තටම අපි මේ පරිමාව මැනල ගත්තොත් අපිට අදාල වැඩය නිම කිරීමට මදි වෙනව. ඒ නිසා 1m3 ක් පරිමාවක් ලබා ගැනීමට 1.34m3 ක් අවශ්‍ය වෙනව.
දැන් මූලික කරුනු ටික දන්නව. 1m2 ක් ඇති කපරාරුවක් සලකල උදාහරණයක් අරගෙන පැහැදිලි කරගමු.
1m2 කියන්නෙ දිග 1m ක් හා පළල 1m උන වර්ගඵලයක්. අපි පරිමාව හොයාගන්නනම් මේ වර්ගඵලයේ පරිමාව හොයාගන්න ඕන. ඒකට අපි 12mm ඝනකමින් ගුණ කර පරිමාව පහත ලෙස සොයාගත හැකි වෙනව.
1 m x 1 m x 0.012 m = 0.012 m3
අපි බදාම භාවිතා කිරීමේදී විවිධ සිමෙන්ති වැලි මිශ්‍රණ අනුපාත භාවිතා කරනව. 1:3, 1:4, 1:5, 1:6 කියන මිශ්‍රණ අනුපාත බහුලව භාවිතා වෙනව. අපේ උදාහරණයට මින් 1:5 කියන අනුපාතය තෝරගමු.
දැන් අපිට අවශ්‍ය wet volume එක් වෙන්නෙ
0.012 m3 x 1.34 = 0.01608 m3
1:5 කියන්නෙ සිමෙන්ති 1 ට වැලි 5 ක් මිශ්‍ර කරනව.
එතකොට මුලු කොටස් ගණන = 1+5 =6
මේ කොටස් 6 න් එක් කොටසක් සිමෙන්ති හා කොටස් 5 ක් වැලි.
සිමෙන්ති පරිමාව = 0.01608 x 1/6 = 0.00268 m3
සිමෙන්ති අපි මනින්නෙ kg වලින්. ඉතින් මේක kg කරගන්න ඝණත්වයෙන් ගුණ කරන්න පුලුවන්. සිමෙන්ති වල ඝණත්වය වෙන්නෙ 1440 kg/m3. එනම්
0.00268 m3 x 1440 kg/m3 = 3.8592 kg
ඒ විදිහටම වැලි පරිමාවත් ගන්න පුලුවන්.
වැලි පරිමාව = 0.01608 x 5/6 = 0.0134 m3
අපිට වැඩ බිමකට වැලි ගෙන එන්නෙ කියුබ් ගනන් වලින්නෙ ඉතින් මේක ඝණ අඩ් කරගන්න 35.32 න් ගුණ කරගන්න පුලුවන්. (1 m3 = 35.32 cu.ft)
0.0134 x 35.32 = 0.473288 cu.ft
දැන් ඔයාලගෙ සම්පූර්ණ Area එකෙන් ගුණ කරල සම්පූර්ණ පරිමාව ගන්න පුලුවන්.
අපේ Navita Academy Facebook Page එකත් එක්ක එකතු වෙලා ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ කරුණු දැනගන්න පුලුවන්. Like එකක් දාල එකතු වෙන්න.
Navita Academy Youtube channel එක හරහාත් පාඩම් මාලාවක් යනව subscribe කරල එකතුවන්න.
මේ ගැන ඔයාලගෙ අදහස් පහතින් comment කරන්න.
No comments:
Post a Comment