Tuesday, April 14, 2020

PREPARATION OF BILL OF QUANTITIES II


කලින් ලිපිය බලන්න ඇති කියල හිතනව එහෙම නැත්නම් ඒක කියවල ආවනම් හොඳයි කියලයි මට හිතෙන්නෙ.මේක මම ලිපි පෙලක් විදියට කතා කරන්න තමයි බැලුවෙ. හොඳයි එහෙනම් අපි ඒකම ඉස්සරහට කරගෙන යමු.
දැන් ඔයාල දන්නව ප්‍රමාණ බිල් පත්‍රයක් (Bill Of Quantities – BOQ) කියන්නෙ මොකක්ද හා අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියල. අද මම කියන්න යන්නෙ BOQ එකක ඇතුලත් වන දේවල් ගැන. සිංහල වචනනම් මේවට ගොඩක් ගැලපෙන්නෙ නැහැ. ඒක නිසා මම වඩා භාවිතා වන වචන වලින්ම කියන්නම්.

BOQ එක ඇතුලෙ අපිට පහසු වෙන්න කොටස් වෙන් කරල තියෙනව.එක ගොඩේ තියෙද්දි හොයා ගන්න අමාරු නිසා මෙහෙම තිබ්බාම පහසුවෙන් අදුනගන්න පුළුවන්.මෙන්න මේ පහල තියෙන විදිහට තමයි කොටස් තියෙන්නෙ. නමුත් මේක එකට අමුණල පොතක් විදියට තමයි තියෙන්නෙ.ව්‍යාපෘතියෙ ප්‍රමාණය අනුව මේක වෙනස් වෙනව.ඒ වගේම කොන්ත්‍රාත් ක්‍රම අනුවත් මේ ආකෘතිය වෙනස් වෙනව සුළු වශයෙන්. නමුත් මේක තමයි මූලික අකෘතිය වෙන්නෙ.

ප්‍රමාණ බිල් පත්‍රයක අන්තර්ගතය

  • ප්‍රාරම්භක වැඩ (Preliminaries)
  • ප්‍රස්තාවනාව/ පෙරවදන (Preambles)
  • මනින ලද ප්‍රමාණයන් (Measured quantities)
  • අවස්ථානුකූල මුදල් වෙන් කිරීම් (Provisional sums)
  • මූලික මුදල් වෙන් කිරීම් (Prime cost sums)
  • දෛනික වැඩ මිල සටහන (Day work schedule)


මේව තමයි BOQ එකක ඇතුලත් වෙලා තියෙන්නෙ. දැන් අපි බලමු මේ එකින් එක විස්තර කරල මොනවද මේවගෙන් කියවෙන්නෙ කියල.

ප්‍රාරම්භක වැඩ (Preliminaries)

අපිට ඉදිකිරීම කරගෙන යද්දි ඒ සඳහා සෘජුව සම්බන්ධ වෙන් නැතුව නමුත් අපිට වක්‍රව අදාල ඉදි කිරීමට සම්බන්ධ වෙන වැඩ තියෙනවනෙ. අන්න ඒ වැඩ ගැන ඉතාම නිවැරදි වැඩ විස්තරයක් සහිතව හා එම වැඩ වලට ගෙවීම් කරනු ලබන විදියත් එක්ක මේ කොටසේ සඳහන් කරල තියෙනව.මේ වැඩ අපගේ මුළු කොන්ත්‍රාත් කාලය පුරාවටම දිවෙනව.
අපි කලින් ලිපියේ සම්මත මිනුම් ක්‍රම ගැන කතා කලා මතක ඇති.ඒව ගැන වෙනම දැනගන්න ඕනනම් පහලින් Comment එකක් දාන්න මම ඒ සම්බන්ධව ඔයාලව දැනුවත් කිරීමක් කරන්නම්. ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වෙන්නෙ SLS 573 කියන ලේඛනයයි මේක තියෙන්නෙ ගොඩනැගිලි වැඩ වලට මිනුම් ලබා ගන්නා සම්මත විධි නැත්නම් ක්‍රම ගැනයි. ඉතින් මේ පොතේ වෙනම කාණ්ඩ වලට වෙන් කරල තියෙනව. එම පොතේ SECTION B යටතේ තමයි මේ Preliminaries ගැන සඳහන් වෙන්නෙ. එතනදි අපිට මේවා මනින හැටි ගැන කියල තියෙනව.

මේකෙත් අපිට ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්.

  • අපේ කොන්ත්‍රාත්තුවේ වැඩය සඳහා දායක නොවන නමුත් එම වැඩය කිරීමට අවශ්‍ය මූලික දේවල්. උදාහරණයක් ගත්තොත් ඉදිකිරීම් රක්ෂණ (Insurance) කටයුතු සදහා යන මුදල්, අනුමැතීන් ගැනීම් සඳහා යන මුදල් ආදියයි.
  • අපේ කොන්ත්‍රාත්තුවේ වැඩය සඳහා දායක වෙමින් මුළු කාලය පුරාම දිවෙන වැඩ. උදාහරණයක් ගත්තොත් වැඩබිම් කාර්යාල (Site office), අධීක්ෂණ (supervision) කටයුතු සඳහා යන වියදම් තමයි මේ යටතේ තියෙන්නේ

මොකටද මේ වෙනම වෙන් කරල තියෙන්නෙ?

  • එම අයිතම (Item) සඳහා වෙන් කර ඇති මිල ගනන් (Cost) , ඒකක මිල (Unit rate) වලට නිවරදිව බෙදා වෙන් කිරීමට ඉතාම අපහසු නිසා.
  • අපි එම අයිතම සඳහා වෙන් කර ඇති මිල ගනන්, ඒකක මිලට එක් කලහොත් අසාමාන්‍ය ලෙස කොන්ත්‍රාත් මිල ඉහල යාමට පුළුවන් නිසා.
  • වගේම අපිට එම අයිතම සඳහා වෙන් කර ඇති මිල ගනන්, ඒකක මිල ගනන් වල ඇතුලත් කර තිබුනහොත් මිල විශ්ලේෂණයට ඉතා අපහසු වෙන නිසා. (ඉහත ඒවාට උදාහරණ ලෙස තාවකාලික නවාතැන් (Temporary site office), තාවකාලික ගබඩා පහසුකම්(Temporary stores), තාවකාලික පාරවල් (Temporary roads) ආදිය ගන්න පුළුවන්.)
  • සමහර වැඩ අයිතම ඉදිකිරීම ආරම්භයේදී මුදල් අවශ්‍ය වන නිසා (උදාහරණයක් ලෙස සුරැකුම් පත් (Bonds), රක්ෂණ (Insurance) ආදිය.)

අද අපි BOQ එකේ ඇතුලත් දේ බැලුව. Preliminaries ගැන බැලුව. ඊලඟ ලිපියෙන් අනික්ව බලමු.

අපේ NavitaHomes facebook පිටුවට Like එකක් දාල දිගටම ඔයාලගෙ අදහස් හා යෝජනා අපිට කියන්න. අපිට Email කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න.



මේ තියෙන්නෙ SLS 573 අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලද පිංතූරයක්



2 comments:

  1. Provisional sum, prime cost , bonds walatath puluwn nm me wage articles hadala denna.

    ReplyDelete
    Replies
    1. Provisional sum, prime cost ගැන මෙහි III වන ලිපියෙහි සඳහන්.Bonds ගැන ඉක්මනින්ම ලිපියක් ගෙනෙන්නම්. අදහස් සම්බන්ධව බොහොම ස්තූතියි.

      Delete