NCT (Civil engineering) පාඨමාලාව සඳහා ඇති විෂයක් වන වාරිමාර්ග තාක්ෂණය ගැන හා ඒවායේ ඇති වාසි අවාසි ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ. ඔයාලගෙත් යහළුවන් මේ ක්ෂේත්රයේ ඉන්නවනම් එයාලටත් අපිත් සමග එකතු වන්න කියන්න.
වාරිකරණයේ අර්ථ දැක්වීම.
යම් බෝගයක බෝග කාලය පුරාම එම බෝගයේ සම්පූර්ණ වැඩීමේ ක්‍රියාවලිය සඳහා වන ජල අවශ්‍යතාවය එක් එක් අවස්ථාවේ කෘත්‍රිමව සැපයීම වාරිකරණය කියල හදුන්වනු ලබනව.
තවදුරටත් පුළුල් ලෙස සලකා බැලීමේදී වාරිකරණය යනුවෙන් හදුන්වනු ලබන්නේ පහත සඳහන් අවශ්‍යතා සඳහා කෘත්‍රිමව ජලය සැපයීම ලෙස හදුන්වන්නට පුළුවන්. අපි බලමු මොනවද ඒ කරුණු කියල.
1. බෝග සඳහා අවශ්‍ය ජලය සැපයීම.
2. කෙටිකාලීන නියගයන්ගෙන් පැලෑටි ආරක්ෂා කිරීම.
3. වගාව සඳහා සුදුසුම උෂ්ණත්වය හා ආර්ද්‍රතාව ආදී කාලගුණික තත්වයන් ලබා ගැනීම.
4. පස් වල ලවණතාවක් ඇත්නම් එය පසෙන් සෝදා හැරීම.
5. භූමිය සැකසීමේ ක්‍රියාවලිය, සී සෑම ආදී කටයුතු සඳහා පස බුරුල් කිරීම
වාරිකරණයේ වාසි අවාසි මොනවද කියල දැන් බලමු.
වාසි
1. ජලය සැපයීම ස්ථීර නිසා ගොවීන් තමන්ගේ ශ්‍රමය, කාලය හා මුදල් වැඩියෙන් යෙදවීමට පෙළඹීම නිසා රටේ ආහාර නිෂ්පාදනය වැඩි වීම.
2. නියමිත පාලන හා බෙදාහැරීමේ නිර්මිත භාවිතයෙන් දී ඇති ජල ප්‍රභවයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම.
3. වාරි ව්‍යාපෘතිය ජල විදුලි බලය නිපදවීම සඳහා භාවිතා කිරීම ( මහවැලි ව්‍යාපෘතිය, ගල් ඔය ව්‍යාපෘතිය ).
4. ගෘහ ජල සැපයුම සමග ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව.
5. වාරි ජලාශ මිරිදිය මසුන් ඇති කිරීමට යොදා ගන්නා නිසා මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය තුලින් අමතර රැකියා උත්පාදනය කිරීමට හැකි වීම.
6. ජලාශ හා ඇල කණ්ඩි මාර්ග ලෙස භාවිතා කර ප්‍රවාහන පද්ධතිය දියුණු වීම.
7. ජලය මතුපිට ප්‍රවාහන පද්ධතිය දියුණු වීම.
8. ගොවීන්ගේ ආදායම වැඩි වීම හා සියලුම දෙනාට ජලය ලැබෙන නිසා ආදායම සමසේ බෙදීයාම.
9. කෘෂි උපකරණ සෑදීම, අලුත්වැඩියා හා නඩත්තු කිරීම නිසා වැඩහල්, ගරාජ් ආදිය ඇතිවීම.
10. කෘෂි නිෂ්පාදන භාවිතා කරමින් එම නිෂ්පාදන ආශ්රිත කර්මාන්ත ආදිය බිහිවීම
11. වාරි ව්‍යාපෘතිය ආශ්රිත භූමිවල මිනිසුන් පදිංචි වීම නිසා රෝහල්, පාසල්, ආදී පහසුකම් වැඩි වීම.
අවාසි
1. යම් ප්‍රදේශ වගුරු බිම් බවට පත්වීමේ හැකියාව, කාන්තාර බවට පත්වීමේ හැකියාව, සතුන් හා ශාකවලට ඇතිවන බලපෑම ආදී පාරිසරික ගැටලු මතුවීම.
2. මතුපිට සහ භූගත ජල ප්‍රභව අධික රසායනික පොහොර සහ කෘමිනාශක බෙහෙත් පාවිච්චි නිසා දූෂණය වීමට ඇති හැකියාව.
3. සෞඛ්‍යයට අහිතකර ප්‍රථිපල, ලෙඩ රෝග ආදිය ඇතිවීමේ හැකියාව වැඩිවීම.
4. පාන්ශු ඛාදනය, ජල අපවහන ප්‍රශ්ණ ආදිය සිදුවීමට ඇති ඉඩකඩ.
5. උවමනාවට වඩා වාරි ජලය සැපයීම හෙවත් අධිවාරිකරණය නිසා ජලය රදා පවතින භූමි ඇතිවී එමනිසා වගා භූමි ප්‍රමාණය අඩුවීම.
6. බලාපොරොත්තු නොවන ගඃවතුර හා සාගත තත්වයන්ට මුහුණ දීමට සිදුවීම.
7. අදක්ෂ හා අකාර්යක්ෂම කලමණාකරණයක් තිබුණහොත් වැඩි වියදම හා අඩු ආදායම නිසා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යා හැකිය.
මෙන්න මේ කරුණු වාසි හා අවාසි විදිහට සලකන්න පුළුවන්.
මේ blog එකෙන් අපි civil engineering හා quantity surveying ගැන කතා කරන්ව කියල ඔයාල දන්නව. ඉතින් විෂයන් හදාරන යාළුවන්ටත් අපිත් එක්ක එකතු වෙන්න කියන්න. අමතර දැනුමක් හා ප්‍රායෝගික භාවිතයන්, ඉගෙන ගන්න ඒවත් එක්ක ටිකක් වෙනස් විදිහට තමයි පුහුණු වෙන්න වෙන්නෙ.
Navita Academy facebook page එකට like එකක් දාල අපිත් එක්ක එකතුවන්න......
Navita academy youtube channel එකෙත් මෙවන් දේවල් කතා කරනව අපි.
No comments:
Post a Comment