Thursday, April 30, 2020

Principles of Surveying - II



කලින් ලිපියේ අපි රේඛීය මිනුමක් කියන්නෙ මොකක්ද ඒ සඳහා භාවිතා කරණ උපකරණ මොනවද කියල කතා කලා. අනිවාර්යෙන්ම ඒ ලිපිය කියවල එන්න කියවන්න බැරි උනානම්. අපි නැවැත්තුවෙ ඉංජිනේරු දම්වැල් වලින්. තවත් 2ක් අපිට කතා කරන්න තියෙනව. අද බලමු ඒ මොනවද කියල.

මැනුම් රෝදය (Measuring Wheel)

විශේෂයෙන්ම මාර්ග වැඩ වලදී භාවිතයට ගනිනු ලබයි. ගමන් කරන දුර සංඛ්‍යාත්මකව බලා ගත හැකිය. භාවිතයට පෙර නිවැරදිතාව පරීක්ෂා කල යුතුය.

EDM උපකරණය

මෙහිදී කරනුයේ වේගය දන්නා තරංගයක් නිකුත් කල හැකි උපකරණයක් මඟින් තරංගයක් නිකුත් කර එම තරංගය නැවත ග්‍රහනය කර ගැනීමට ගතවන කාලය මැනීමෙන් එම ලක්ෂ්‍යය 2 අතර දුර මැනීමයි.

රේඛීය දුර මැනීමේදී යොදා ගන්නා සහායක උපකරණ



  1. පෙලගැන්වුම් රිට (Pole)
  2. කූඤ්ඤ (Pegs)
  3. ඊ කූර (Arrow pin)
  4. දෘෂ්ඨි චතුරස්‍රය (Optical Square)
  5. හරස් යටිය (Cross staff)
  6. ඩමිය හා ලඹය (Dummy and Plumb bob)

පෙලගැන්වුම් රිට (Pole)

හොඳින් පදම්කල ලීයෙන් හෝ සැහැල්ලු ලෝහ බටයකින් නිර්මාණය කර ඇති අතර සුදු හා රතු වර්ණයෙන් වර්ණ ගන්වා ඇත. උපරිම විශ්කම්භය 32mm වන අතර උපරිම දිග 3m වේ. භූමිය මත ඇති ලක්ෂ්‍යයක් දුරට පෙනීම සඳහා පොළවෙන් ඉහලට ඔසවා ගැනීමට භාවිතා කරයි. පෙලට ගෙන්වා ගැනීම හෙවත් පෙල ගස්වා ගැනීම සඳහාද භාවිතා කරයි.

කූඤ්ඤ (Pegs)

මිනුම් ගැනිමක්, හෝ උපකරණය සවිකිරීමක්, මතු ප්‍රයෝජනය සඳහා සලකුණු කිරීමක් ආදී කටයුතු වලට උපාංගයක් ලෙස භාවිතා කරයි. තද දැවයෙන්, ලෝහයෙන් හෝ සිමෙන්ති කොන්ක්‍රීට් වලින් සාදා ඇත.

ඊ කූර (Arrow pin)

දම්වැල් මැනුමේදී පූර්ණ දම්වැල් වාරගණන සලකුණු කර ගැනීම සඳහා මෙම ඊ කූර භාවිතා කරණු ලැබේ. මැනුම් කරන භූමියේ ස්වභාවය අනුව ඊ කූරේ විශාලත්වය තීරණය වේ. දුරට නිරීක්ෂණය වීමට වර්ණවත් රිබන් පටියක් ගැටගසයි.

දෘෂ්ඨි චතුරස්‍රය (Optical Square)

කිසියම් මැනුම් රේඛාවකට නිරීක්ෂණය වන දිශාවට ලම්භක රේඛාවක් නිර්මාණය කිරීමට හෝ මැනුම් රේඛාවකට බාහිරින් වූ ලක්ෂ්‍යයක් මැනුම් රේඛාව මත ලම්භකයක් නිර්මාණය කිරීමට ලක්ෂ්‍යය හදුනා ගැනීම සඳහා මෙම උපකරණය භාවිතා කරනු ලැබේ.

හරස් යටිය (Cross staff)

රේඛීය මිනුම් ගැනීමේදී අංශක 90 හෝ 45 යන ප්‍රමාණ වලින් මැනුම් රේඛාවට සාපේක්ෂව තවත් රේඛාවක් නිර්මාණය කර ගැනීම සඳහා මෙම උපකරණය භාවිතා වේ.

ඩමිය හා ලඹය (Dummy and Plumb bob)

භූමිය මත තිබෙන ලක්ෂ්‍යයක් සිරස්ව ඉහලට ගැනීමට ලඹ නූලක් භාවිතා කරයි. නූල රඳවා තබා ගැනීමට ඩමිය භාවිතා කරයි. වැඩි වේලාවක් එකම ස්ථානයේ පෙලගැන්වුම් රිටක් සවිකල යුතු අවස්ථා වලදී මෙය භාවිතා කරයි. නූලේ ඉහල කෙලවර නිවැරදි යැයි සලකනු ලැබේ.

මේවගෙ පිංතූර මම Navita Academy Group එකේ දාන්නම්. පහලින් තියෙනව එකේ Link එක.රේඛීය මිනුම් ලබා ගැනීමට භාවිතා කරන උපකරණ හා සහායක උපකරණ ගැන කතා කරල ඉවරයි. ඊළගට අපි බලමු මේව භාවිතා කරල මැනීමේ කටයුතු කරන්නෙ කියල. දිගටම අපිත් එක්ක රැදිල ඉන්න. ඉදිරියේ පල කරන ලිපි බලා ගන්න පහලින් තියෙන Link වලින් අපිත් සමඟ සම්බන්ධ වෙලා ඉන්න දිගටම. යාළුවන්ටත් බලන්න Share කරන්න.

Like කරන්න Navita Academy Facebook Page එකට

Join වෙන්න Navita Academy Facebook Group එකට

Follow කරන්න Navita Academy Blog එක

Follow කරන්න Navita Academy Twitter එක

Follow කරන්න Navita Academy Instagram එක

Email කරන්න Navita Academy Email එකට

No comments:

Post a Comment