Thursday, April 16, 2020

Setting out


අද ලිපියෙන් අපි කතා කරන්නෙ ගොඩක් පාඨමාලා වල ඉදිකිරීම් තාක්ෂණය (Construction technology) යටතට අරගෙන තියෙන නූල් ගැසීම, හෙවත් ලණු ඇදීම (Setting out) කියන එක. ඉතින් ඔයාලත් දැකල ඇති පෙදරේරු මහතුන් විසින් නූල් ගසන විදිය. මමත් අද කියන්න හදන්නෙ ඒ වගේ නිවසක හෝ කුඩා ගොඩනැගිල්ලක නූල් ගැසීම ගැන. විශාල ඉදිකිරීම් සඳහා උපකරණ භාවිතා කරල සංකීරණ විදියට වෙනව ටිකක්. නමුත් පදනම එකම තමයි.

නූල් ගැසීම

මොකක්ද මේ නූල් ගැසීම කියන්නෙ.යම් කිසි පරිමාණයකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු (Architect) විසින් අඳින ලද සැලසුමක් (Drawing) එහි සත්‍ය දිගවලට පොළවෙහි සලකුණු කිරීම තමයි නූල් ගැසීම කියන්නෙ.
ඉතින් මේක සරල පියවරයන් කිහිපයකින් කරගන්න පුළුවන්.ඒ කොහොමද කියල හා ඒ සඳහා අවශ්‍ය උපකරණ/ ආවුද (Tools) මොනවද බලමු.

අපිට මේ සඳහා ඕන කරන දේවල් මොනවද බලමු.

  • නූල් ගැසීමට අවශ්‍ය සැලැස්ම. (මධ්‍ය රේඛා දිග (Center line length) සලකුණු කරල තිබ්බොත් වැඩේ ලේසියි. ඉතින් අපිට එහෙම නැත්නම් මධ්‍ය රේඛා දිග සලකුණු කරල හදා ගන්න වෙනව.පහතින් මම පොඩි සැලැස්මක් දාල තියෙනව වගේ එකක්. I රූපය)
  • කූඤ්ඤ (Pegs) (අපේ සැලැස්මෙ විදියටනම් 10ක්. A සිට J දක්වා)
  • යකඩ ඉන්නක්/ නාරාසනයක්/ ගල් ඉන්නක් (Crow bar) (විවිධ පැති වල විවිධ නම් භාවිතා වෙනව. තවත් නම් කියනවනම් පහලින් Comment එකක් දාන්න.)
  • නූල් පන්දුවක් (Thread ball)
  • මිනුම් පටියක් (Measuring tape)
  • කම්බි ඇණ (Wire nails)
  • අඩු මිටියක් (Crow hammer)
  • පොඩි කුලු ගෙඩියක් (sledge hammer) 
  • අල්පෙනෙති (Pin)






I රූපය

නූල් ගැසීමේ පියවර


  • I රූපයේ පරිදි සැලැස්ම මධ්‍ය රේඛා දිග සලකුණු කරගෙන තිබිය යුතුය.මෙහි x හා y යනු අසල පාරේ මධ්‍ය රේඛාවේ සිට AB රේඛාවට ඇති දුරයි. z යනු ඉඩමේ LM සිට 1 ලක්ෂයට ඇති දුරයි. මේ දුරවල් 3ම  අපිට සැලැස්මෙන් මැන ගන්න පුළුවන්.
  • මිනුම් පටිය ආධාරයෙන් x, y මැන AB රේඛාවේ කූඤ්ඤ පිහිටුවා ගන්න.කූඤ්ඤ සවි කිරීමේදී ඒවායේ උස එකම මට්ටමක තියාගන්න ඕන. ඒකට අපිට ලෙවෙල් උපකරණය (Level Instrument) හෝ වෝටර් ලෙවල් (Water Level) එක භාවිතා කරන්න පුළුවන්.

  • z දුර මිනුම් පටියෙන් මැන 1 ලක්ෂය සලකුණු කරගන්න.1 ලක්ෂයේ සෘජුකෝණී මුල්ලක් පිහිටන පරිදි CD රේඛාව කූඤ්ඤ සවි කරගන්න.
1. සෘජුකෝණී මුල්ලක් සෑදීම සඳහා builders square ක්‍රමය භාවිතා කල හැකිය.එය පහත II රූපයේ පරිදි කල හැකිය.



II රූපය

2. නැතිනම් 3,4,5 ක්‍රමය කියල කියන පයිතගරස් මූලධර්මය භාවිතා කරල කරගන්න පුළුවන්.

මේකෙදි වෙන්නෙ එක පාදයක දිග යම් ඒකකයකින් 3ක් අරගෙන, මීටර් වලින්නම් මීටර 3ක් ගන්නව එක පැත්තකට, අනික් පැත්තට මීටර 4ක් ගන්නව ඒ තැන් වල අල්පෙනෙත්තක් රින්ගවනව නූල තුලින්. ඉන් පසු එම දිග මීටර 5ක් තියෙනවද කියල බලන්න ඕන. ලේසියි වගේ පෙනුනට ටිකක් අමාරු වැඩක්. මෙහෙම පස් හය ගමනක් කරන්න වෙනව හරියටම මීටර් 5ක් ලබා ගන්නනම්. තවත් දෙයක් කියන්න ඕන. මේක 3,4,5 කීවට ටිකක් දුරට ගත්තොත් නිවරදි බව වැඩි වෙනව. ඒ කියන්නෙ 3,4,5 වෙනුවට 6,8,10 නැත්නම් 9,12,15 වගේ ගන්න පුළුවන්නම් හොඳයි.

                                                                    III රූපය
  • අනික් එක තමයි තියොඩලයිට්ටුව (theodolite - TL) භාවිතා කිරීම

ඒක ගැන වෙනම මම කියල දෙන්නම්. ඒකෙන් කරන්නේ. යම් තැනක කෝණය මැනීම. මෙතනදි ලක්ෂය මත TL එක සකසගෙන D නැත්නම් ලක්ෂයේ ඉදල අංශක 90ක් B හෝ ලක්ෂය සලකුණු කරගන්න.


IV රූපය

  • ඉන් පසු මිනුම් පටියක් ආධාරයෙන් 1,2 ලක්ෂ අතර දිග මැන ලක්ෂය සලකුණු කර ගන්න. මේකටත් අල්පෙනෙත්තක් ගහගන්න පුළුවන්.
  • පෙර කරපු පරිදිම ලක්ෂය මත සෘජුකෝණී මුල්ලක් සෑදෙන පරිදි Gනූල ඇද ගන්න.
  • දැන් AB හා GH මත අදාල දිග සලකුණු කර EF නූල ඇදගන්න.
  • ම්නුම් පටියෙන් මැන පහසුවෙන්ම IJ ලකුණු කරගන්න පුළුවන්.

ඉතින් ඔන්න ඔහොමයි නූල් ඇදීම කරන්නෙ. තේරුනේ නැති එකක් තිබුනොත් Email එකක් හරි පහලින් Comment එකක් හරි දාන්න. නෙත්නම් Navita Academy Facebook page එකට හරි Navita Academy Group එකට හරි Comment එකක් දාන්න. ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව මේක ඉදිරියට කරගෙන යන්න.


                      

No comments:

Post a Comment