Saturday, April 25, 2020

Construction Surveying I


අද අපි ටිකක් වෙනස් මාතෘකාවක් කතා කරන්න යන්නෙ. මේ දින වල පවතින තත්වයත් එක්ක ඉගෙනීම් කටයුතු හරියාකාරව කරගන්න අපහසු වෙලා තියෙනව. නමුත් මේ තමයි නිදහසේ ඉගෙන ගන්න තියෙන කාලය. සති අන්තයේ පාඨමාලා කරන අයට එම පාඨමාලාවට යෙදවීමට කාලය අඩුයි. NCT (Civil Engineering) පාඨමාලා හදාරණ පිරිසක් කල ඉල්ලීමකට අනුව. NCT (Civil) සඳහා ඇති Construction Surveying විෂය ගැන තමයි කතා කරන්නෙ මේ ලිපි පෙලෙන්.

මැනුම් විද්‍යාවේ මූලධර්ම

  1. මූලික ක්ෂේත්‍ර අධ්‍යනය
  2. මැනීම හා සටහන් කිරීම
  3. විස්තරාත්මක ඉදිරිපත් කිරීම



මූලික ක්ෂේත්‍ර අධ්‍යනය

මැනුම් ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා සුදුසු කාලය, යොදා ගන්න උපකරණ, භාවිතා කරන උපක්‍රම,  කොපමණ මිනිස් ශ්‍රමයක් යොදා ගන්නවාද යන්න, මැනීම සඳහා ගනු ලබන මූලික පාලක ලක්ෂයන් මොනවාද, ආදිය තීරණය කරයි. මේවා තීරණය කර දල සැලැස්මක් (Prospective Diagrammed)  සකසා ගැනීම සිදු කරනු ලබයි. මැනුම් කටයුත්ත කරගෙන යාම සඳහා අවශ්‍ය කරන සියළුම දත්ත මෙහි ඇතුලත් කිරීම සිදු කරණු ලබයි.

මැනීම හා සටහන් කිරීම

දෙවන මූලධර්මය තමයි මැනීම හා සටහන් කිරීම කියන්නෙ. මෙහිදී මූලික ක්ෂේත්‍ර අධ්‍යනය මගින් ගන්නා තීරණ වලට අනුව තීරණය කල දිනයේ අදාල ස්ථානයේ මැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබේ. මේ සඳහා පිරිසක් තෝරගන්නව කියල අපි කලින් සඳහන් කලා. අන්න ඒ පිරිසෙ ප්‍රවීණයන් හා ආධුනිකයින් කියල කොටස් 2ක් ඉන්නව. පුරෝගාමීන් හා අනුගාමීන් කියලත් කියනව. මෙහිදී උපකරණ භාවිතා කිරීම හා මැනුම් කටයුතු සිදු කිරීම ආධුනිකයන් විසින් සිදු කරනු ලබන අතර ප්‍රවීණයින් නැත්නම් පුරෝගාමීන් විසින් දත්ත සටහන් කරනු ලබන්නේ පැහැදිලි හා නිවැරදි දත්ත ලබා ගැනීමටත් මනිනු ලබන්නාගේ දත්ත නිවැරදිදැයි කියා ප්‍රවීණයා විසින් ඔහුගේ පළපුරුද්දෙන් දන්නා බැවිනි. මිනුම් ලබා ගත් පසු ගන්නා ලබන ප්‍රතිඵල ගැනත් ප්‍රවීණයාට අවබෝධයක් තිබීමත් මෙයට හේතුවක් වෙනව.
දත්ත සටහන් කිරීම සඳහා ක්ෂේත්‍ර පොතක් (Field book) භාවිතා කරනු ලබයි.සමහර අවස්ථා වලදී දත්ත සටහන් කිරීමේ පොත් (Data entry books) යොදා ගනී. මට්ටම් ගැනීමේ දත්තයන් සටහන් කිරීමට මට්ටම් පොත් (Level book) භාවිතා කරයි. මිනුම් සටහන් කර ගැනීමෙන් අනතුරුව ක්ෂේත්‍රයේදී කල යුතු ගණනය කිරීම් ඇත්නම් එම අවස්ථාවේදීම එම ගණනයන් කිරීම සිදු කල යුතුයි. එමගින් වැරදීම් අඩු වේ.

විස්තරාත්මක ඉදිරිපත් කිරීම

ඕනෑම මැනුමක අවසන් ප්‍රතිඵලය වන්නේ මෙම විස්තරාත්මක ඉදිරිපත් කිරීමයි. ඉහත පියවරයන් මගින් කරනු ලබන සම්පුර්ණ මිනුමට වාණිජ වටිනාකමක් මෙහිදී ලැබේ. මෙය සැලැස්මක්, පිඹුරක්, සිතියමක්, සත්‍ය විහිදුමේ ආකෘතියක්, ආදිය විය හැකිය, සම්පූර්ණ මැනුම් ක්‍රියාවලිය මෙය නිකුත් කිරීමත් සමඟ අවසන් වේ.
හදිසියේම කරපු ඉල්ලිමකට තමයි මේ ලිපි පෙලත් ගෙන එන්නෙ. ඊළඟ ලිපියෙන් අපි බලමු බිම් මැනීමේ මූලධර්ම මොනවද කියල. Civil Engineering Course කරන යාළුවන්ටත් බලන්න මේ ලිපි Share කරන්න. ප්‍රශ්ණ පත්‍ර සාකච්ජා කරන්නත් බලා පොරොත්තු වෙනව මේත් සමඟම.

අපේ NavitaAcademy Facebook Page එක
අපේ NavitaAcademy Blog එක
අපේ NavitaAcademy Email එක

ඔයාලගෙ අදහසුත් අපිට කියන්න අමතක කරන්න එපා.

2 comments: