Tuesday, April 21, 2020

Interim payment III


අතුරු තක්සේරු ගිණුමක් සකස් කරගැනීම ගැන තමයි අපි කතා කරමින් ඉන්නෙ. කලින් අපි කතා කලා මොකක්ද මෙ IPA එකක් කියන්නෙ හා CIDA/SBD/02 එක ගැනත් ඉතාම කෙටි සාරාංශයක් ගැන කතා කලා. අපිට සම්බන්ධ කරුණ එනම් අතුරු තක්සේරු ගිණුම් අයදුම්පතක් සකස් කරගන්නේ කොහොමද කියල Clause No 14.3 එකේ පැහැදිලිව සඳහන් කරල තියෙනව. ඒ මොනවද කියල අද බලමු. CIDA/SBD/02 එක හොයාගෙන ඇති කියල තමයි මම මේ කරුණු කියන්නෙ.



CIDA/SBD/02 Clause No 14.3 – Application for Interim Payment Certificates.



ඉංජිනේරු තැන, උපදේශක තැන හෝ උපදේශණ ආයතනය මගින් අනුමත කල ආකෘතියක මෙම IPA එක සාදල එයින් පිටපත් 3ක් බාර දිය යුතුයි. කොන්ත්‍රාත්කරු විසින් ඔහුට ලැබීමට යුතු යැයි හැගෙන සියළුම මිල ගනන් සවිස්තරාත්මක දත්ත සමඟ ඉදිරිපත් කල යුතුය. ඒවාට අදාල ආධාරක ලේඛණ, Sub-clause 4.14 ඇති අදාල මාසයේ වැඩබිම් ප්‍රගතියේ වාර්ථාද සමඟ ඉදිරිපත් කල යුතුය.

Sub-clause 4.14 කියන්නෙ Progress report එකක් කියන්නෙ මොකක්ද කියල සඳහන්

කොන්ත්‍රාත් දත්ත වල විශේෂයෙන් සඳහන් කර නොමැතිනම් (විශේෂයෙන් සඳහන් කරනව කියන්නෙ කුමක් හෝ කරුණක් ගැන සඳහන් කිරීමක් කරල නැත්නම් ඒ හා සම්බන්ධ සියළුම දේ සිදුකල යුතු වන්නේ  අදාල සම්මත ක්‍රමයටයි. අදාල සම්මත ක්‍රමය මදක් වෙනස් කර අදාල ව්‍යාපෘතියට ගැලපෙන පරිදි වෙනස් කිරීමේ හැකියාවත් පවතිනව. එහෙම කරනවනම් ව්‍යාපෘතිය ආරම්භ කරල කරන්න බැහැ. මුල් අවස්ථාවේදී කොන්ත්‍රාත් අයදුම් කරුවන් (Bidder) දැන ගැනීමට කොන්ත්‍රාත් දත්ත වල සඳහන් කර තිබිය යුතුය.) සෑම මාසයකට වරක්ම වැඩබිමට අදාල ප්‍රගතිය පිළිබඳ වාර්තාව කොන්ත්‍රාත් කරු විසින් සාදා ඉංජිනේරුතැනට හෝ ආයතනයට පිටපත් දෙකක් ලබා දීම කල යුතුය. පළමු වාර්ථාව ඉදිකිරීම ආරම්භ කර දින සිට පළමු කැලැන්ඩර් මාසය අවසානය දක්වා සෑදිය යුතුය. එම වාර්තාව සාදා ඇති අවසන් දින සිට දින 7ක් ඇතුලත සෑම මසකට වරක්ම ලබා දිය යුතුය.
කොන්ත්‍රාත්කරුගේ සියළුම වැඩ අවසන් වී Taking-over certificate එකේ සඳහන් දිනය දක්වාම මෙම වාර්තාව අඛණ්ඩව සෑදීම කල යුතුය.

(මොකක්ද මේ Taking-over certificate එක කියන්නෙ?.  ඒ කියන්නෙ අදාල කොන්ත්‍රාත්තුව නැත්නම් ඉදිකිරීම කොන්ත්‍රාත් කරු විසින් නිම කලාට පසු එය සේවා යෝජකයාගේ ක්‍රියාකාරීත්වයට භාරදුන් විට ඉංජිනේරුතැන හෝ ආයතනය විසින් එම වැඩය නිසියාකාරව භාරගත් බවට ලබා දෙන සහතිකයයි.)

ඒ සෑම වාර්තාවකම පහත කරුණු ඇතුලත් වෙලා තියෙන්න ඕන.

(a).  එක් එක් අවස්ථා වලට අදාල සැලසුම්, කොන්ත්‍රාත්කරුගේ ලියකියවිලි, යම් දෙයක් මිලට ගත්තානම් ඒ ක්‍රමවේදයන්, සාදන ආකාරය, වැඩ බිමට ගෙන එන ආකාරය, ඉදිකිරීම් කරන ආකාරය, සිදුකරන පරීක්ෂණ හා එම කාලයේ නාමික උප කොන්ත්‍රාත්කරුවන්ගේ වැඩ ගැන ප්‍රගතිය ගැන විස්තර හා සටහන්.

(b). වැඩබිමේ පවතින තත්වය හා ක්‍රියාකාරීත්වයේ ප්‍රගතිය පැහැදිලිව පෙනෙන ලෙස ගන්නා ලද පිංතූර.

( c). යම් ප්‍රධාන අයිතමයක් ලෙස යම් යන්ත්‍රසූත්‍රයක් හා අමුද්‍රව්‍යයක් නිෂ්පාදිතයාගෙන් ලබා ගන්නේ නම්, නිෂ්පාදිතයාගේ නම, නිෂ්පාදනය කරන ස්ථානය, ප්‍රගතියේ ප්‍රතිශතයන් හා පහත ඒවාගේ සත්‍ය හෝ බලාපොරොත්තු දින අවශ්‍යනම් ලබා දිය යුතුය.
i. නිෂ්පාදිතයාගෙන් ආරම්භක දිනය
ii. කොන්ත්‍රාත්කරුගේ පරීක්ෂාකිරීම්
iii. සිදුකරන පරීක්ෂණ
iv. වැඩබිමට රැගෙන ඒමේ තොරතුරු

(d). කොන්ත්‍රාත්කරුගේ තිබෙන උපකරණ. (Sub-clause 6.9 එකේ විදිහට. ඒක පොඩ්ඩක් බලාගන්න. තේරුනේ නැත්නම් Comment එකක් දාන්න.)

(e). තත්ව පාලනය කිරීම පිලිබඳ සහතික පිටපත්, සිදු කල පරීක්ෂණ වල ප්‍රතිඵල හා අමුද්‍රව්‍ය වල සහතික.

(f). Sub-clause 2.4 හා Sub-clause 19.1  අනුව සේවායෝජකයාගේ හා කොන්ත්‍රාත්කරුගේ හිමිකම් කරන ලද දැනුම් දීම් වල  ලැයිස්තුවක්. (පසුව එම කරුණු ගැන විස්තර කරන්නම්)

(g). පරිසරය හා සමාජය සමඟ කරණ කටයුතු වල හා ව්‍යසන තත්ව වලදී ගනු ලැබූ ආරක්ෂණ උපක්‍රම.

(h). සැලසුම් කල හා සත්‍ය ප්‍රගතිය, එකඟ වූ කොන්ත්‍රාත්තුවේ පරිදි කල නොහැකි වීමට සිදු වූ උවදුර හෝ සිදුවීම සම්බන්ධ විස්තර, හදුනාගත් ඉදිරියේ උද්ගතවීමට ඇති පමා වීම් වලට ගන්නා  ක්‍රියාමාර්ග.

මේවගෙ කරුණු එකකට එකක් සම්බන්ධ වෙලා තමයි තියෙන්නෙ. ඉතින් අද IPA එක ඇතුලෙ තියෙන Progress Report එකක් කියන්නෙ මොකක්ද කියල දැන ගත්තනෙ. ඉස්සරහට බලමු ඉතුරු කොටස. ඔයාල ගාවත් මේ විදිහට හරියටම හදපු IPA එකක් තියෙනවනම් අනික් අයටත් බලන්න අපේ Navita Academy Facebook Page එකේ හරි Navita Academy Facebook Group එකේ හරි පල කරන්න පුළුවන්නම් හොඳයි නේද?. තවත් අහගන්න ඒව තියෙනවනම් අපිට Email එකක් හරි දාන්න. ලිපි ගැන අදහස් කියන්නත් අමතක කරන්න එපා.මේ කොටසේ අපහැදිලි තැන් තියෙනවනම් දැන ගන්න තියෙනවනම් අපෙන් අහන්න.

No comments:

Post a Comment