Sunday, April 26, 2020

Interim payment IV


අද අපි CIDA/SBD/02 Form of contract එක අනුව Interim Payment Application (IPA) එකක් හදා ගන්න ඕන කරන අනික්  කරුණු මොනවද බලමු. පසුගිය ලිපියේ Progress report එකක් කියන්නෙ මොකක්ද හා එහි ඇතුලත් දේ ගැන කතා කලා.

IPA එක සාදනු ලබන මාසයට අදාලව කරන ලද වැඩ මැන සඳහන් කිරීම කරනු ලබනව (Value of the work). මේ සඳහා BOQ එක පාවිච්චි කරනව. අපි මනින ලද වැඩ මේ BOQ එකේ පිලිවෙලට සටහන් කරනව. Contractor’s Quantity Surveyor තමයි මැනීම් කටයුතු ගොඩක් වෙලාවට සිදු කරන්නෙ. නමුත් Contractor’s Quantity Surveyor හා Consultant’s Quantity Surveyor එකතුවෙල ගත්තනම් අපිට නිවරදි අගය හා එම මොහොතේදීම ඒ සම්බන්ධව දෙදෙනාට එකඟ වෙන්න පුළුවන්. IPA එක පරීක්ෂා කිරීමටත් පහසුවක් වගේම යන කාලයත් අඩු කරගන්න පුළුවන්. 


මෙන්න මේ වැඩ වලට අමතරව අපිට සමහර අවස්ථා වලදී වැඩ විචල්‍යයන් (Variations) මේ IPA එකට එකතු කරන්න වෙනව. වැඩ විචල්‍යයක් මොකක්ද කියල මම වෙන ලිපියකින් කියන්නම්.හරියටම CIDA/SBD/02 එකට අනුවනම් මෙන්න මේ දෙක විතරයි IPA එකට ඇතුලත් වෙන්නෙ

නමුත් භාවිතයේදී අපි අනිකුත් එකතු කිරීම් අඩු කිරීම් කරල අවසන් අගයක් තමයි කොන්ත්‍රාත්කරු විසින් දෙන්නෙ. ඒ කියන්නෙ අපි කලින් සඳහන් කරපු 2න් පස්සෙ රැදවුම් මුදල් (Retention money) අඩු කලා යැයි සිතන්න. අපේ පෙර අගය වෙනස් උනොත් සියළුම අගයන් වෙනස් වෙනව නේද?

මම දැන් කියන මෙන්න මේ කරුණු නැතුව තමයි IPA එක ඉදිරිපත් කරන්න කියල CIDA/SBD/02 එකේ කියන්නෙ.

Changes in legislation – මේකෙන් මොකක්ද කියන්නෙ. ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව එම නීති වෙනස් වීමක් සිදු උනහොත් එය මඟින් මුදලට බලපාන යමක් එනම් අඩු වීමක් හෝ වැඩි වීමක් සිදු උනහොත් එය සංශෝධනය කල යුතුය. Clause no 13.6 එකේ තියෙනව වැඩි විස්තර හා එය බලපාන තත්වයන්.

Changes in cost - කලින් කතා කලේ නීති වෙනස් වීමක් ගැන. මෙමගින් කියන්නෙ ගනු ලබන අමුද්‍රව්‍ය මිල වෙනස් වීමක් සිදු උනහොත් එයද සංශෝධනය කල යුතුය. එය අඩු වීමක් හෝ වැඩි වීමක් වෙන්න පුළුවන්. තවත් දෙයක්. මෙන්න මේ මිල වෙනස්වීම ගෙවනවද කියල Bidding Data වල සඳහන් කරල තියෙන්නත් අවශ්‍යයයි. Clause no 13.7 එකේ තියෙනව වැඩි විස්තර හා එය බලපාන තත්වයන් හා එම වෙනස් වීම කොහොමද හදා ගන්නෙ කියලත්.

Deduction for retention - රැදවුම් මුදල් අඩු කිරීම කොපමණක්ද යන්න වග. Contract data වල සඳහන් කරල තියෙන උපරිමය දක්වා තමයි මෙය අඩු කරන්නෙ. Retention money කියන්නෙ මොනවද කියල දන්නවනෙ නේද? ඒ සම්බන්ධව දැන ගන්න ඕනනම් අපිට කියන්න.

Advance payment - අත්තිකාරම් මුදල් කොපමණ අඩු කරනවද කියල තමයි මේකෙදි කියන්නෙ. Sub-clause 14.2 එකේ තියෙනව වැඩි විස්තර. ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා දෙන පොලී රහිත ණය මුදලක් තමයි අත්තිකාරම් මුදලක් කියන්නෙ.

Plant and Materials – Material at site කියල අහල ඇතිනෙ. අන්න ඒකට තමයි sub - clause 14.4 එක යටතෙ කියන මේවගෙන් ලැබෙන අගය කොපමනක්ද යන්න බඩු ලේඛණයේ (Invoice) ගනනින් 80% ක් ගෙවීම් කරනව. Material at site කියන්නෙ ඉදිකිරීම සඳහා වැඩබිමට රැගෙන විත් ඇති අමුද්‍රව්‍යයි. තාවකාලික වැඩ. එනම් form-work සඳහා රැගෙන එන ලෑලි වලට ගෙවන්නෙ නෑ. මේක ගොඩක් අය පටලවගන්නව. ඒකයි සඳහන් කිරීමක් කලේ. ස්ථීර වැඩයට සම්බන්ධ අමුද්‍රව්‍යය හා යන්ත්‍රෝපකරණ සඳහා තමයි මෙම ගෙවීම කරන්නෙ.

Any other additions or deductions - මෙහිදී Claims සඳහා ඇගයීම මගින් ලබා ගත් මුදල් අඩු කිරීම හෝ එකතු කිරීම තමයි මෙම කොටස භාවිතයෙන් කරන්නෙ. ඒ සඳහා වෙනම නීති රීති තියෙනව Clause no 19 එකේ.

Amount certified in all previous payment certificates - payment certificates ගැනත් ඊළගට කියල දෙන්නම්. කලින් මාස වල විසින් අනුමත කල සියළුම ගෙවීම් අඩු කිරීම තමයි මෙහිදී කරන්නෙ.

CIDA/SBD/02  එකට අනුවනම් ඔන්න ඔය කරුණු Contractor’s Quantity Surveyor ට ඉදිරිපත් කරන්න එපා කියලයි කියන්නෙ. Consultant’s Quantity Surveyor තමයි මෙන්න මේ කරුණු හදන්නනම් ඕන. නමුත් හැම වෙලේම වගේ අපි දැකල තියෙන්නෙ Contractor’s Quantity Surveyor මෙම සියළුම කරුණු හදල දෙනව. 

දැන් IPA එකක් කියන්නෙ මොකක්ද කියල අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතනව. මොනව හරි ගැටළුවක් තියෙනවනම් අපිට කියන්න. මම පහතින් දාන්නම් ඒවගෙ Links ටික.

ඔයාලගෙ යාළුවන්ටත් කියන්න අපිත් එක්ක එකතු වෙන්න කියල. ප්‍රමාණ සමීක්ෂණ, සිවිල් ඉංජිනේරු විෂය, අභිප්‍රේරණය හා මනෝවිද්‍යාත්මක ලිපි තමයි මේ Blog එකෙන් කතා කරන්න සැලසුම් කරල තියෙන්නෙ. ඒවට කැමති, ඒ විෂයන් ගැන හෝ වෙනත් විෂයන් ගැන දැනුම බෙදා ගන්න කැමති අයටත් අපිත් එක්ක එකතු වෙන්න කියල ආරාධනා කරනව. ඔයාලගෙ ලිපිත් මෙම  Blog එකේ පල කරන්න පුළුවන්.

අතුරු තක්සේරු ගිණුම් අයදුම්පත තමයි කතා කලේ. අතුරු තක්සේරු ගිණුම් සහතික පත කියන්නෙ මොකක්ද කියල ඊලඟ ලිපියෙන් කතා කරමු. අපිව Follow කරල තියාගෙන ලිපි ඔක්කොම කියවන්න.






No comments:

Post a Comment