මොකක්ද මේ CPD හා මේවගෙන් ඇති වැදගත්කම මොකක්ද, ඇයි මේව කරන්න ඕන කියල බලමු. අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය (CPD) මෙන්න මේ වගේ කාරණා කිහිපයක් නිසා වැදගත් වෙනව.
Skill Enhancement - නිපුණතා වැඩි දියුණු කිරීම.
CPD මඟින් වෘත්තිකයන්ට ඔවුන්ගේ කුසලතා (skills) සහ දැනුම (knowledge) වැඩිදියුණු කරමින් නවතම කර්මාන්ත ප්රවණතා (latest industry trends) නැත්නම් දැනට market එකේ අවශ්‍යතා හඳුනාගෙන ඒ දෙසට ගමන් කිරීම, තාක්ෂණයන් (technologies) සහ හොඳම භාවිතයන් (best practices) සමඟ යාවත්කාලීනව සිටීමට ඉඩ සලසයි. අපි ඉන්න field එකේ නිතරම update වෙන්න වෙනව රැදිල ඉන්නනම්.
ඒ වගේම තමයි අපි කරන දේ වඩා ඵලදායීව කරන එක (best practices) ගොඩක් වැදගත්. කරන්නම් වාලෙ ගොඩක් දෙනා කරනව අවබෝධයක් නෑ. පොඩි උදාහරණයක් ගත්තොත් යම් ඉදිකිරීමකට අවශ්‍ය නීති රීති පිළිබඳව Standard Bidding Document (SBD) එකේ පැහැදිළිව සඳහන් කරල තියෙනව. අපිට පුළුවන් අදාල කොන්ත්‍රාත්තුවෙ බලපාන්නෙ කුමන SBD එකද කියල කියන්න වගේම ඒ SBD එකෙන් වෙනස් වෙන ටික මොනවද කියල කියන්න. නමුත් ඔයාලත් දැකල ඇති මුළු SBD එකේම photocopy එකක් Tender document එක්ක අමුණනව.
SBD ගැන කලින් ලියපු ලිපි වගයක් තියෙනව මෙතනින් බලන්න අදහසක් ගන්න
Career Advancement - වෘත්තීය ප්‍රගතිය
රැකියා තරගකාරිත්වය එක්ක ඉස්සරහට යන්නනම් අලුතින් දෙයක් ජීවිතයට/ වෘත්තිය ප්‍රගතියට එකතු කරගන්න ඕන. එහෙම නැත්නම් හැමදාම එකම තැන ඉන්න වෙන්නෙ. මේ වගේ තොරතුරු දැනුම එකතු කරගෙන ඒ දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීම මඟින් රැකියාවේ ඉහලට යාමට යම් උපකාරයක් වේවි.
Adaptation to Change - වෙනසට අනුවර්තනය වීම
තමාගේ ක්ෂේත්රයේ දැනුම වඩා ඵලදායී ලෙස භාවිතා කරන්නේ කොහොමද කියල මේ වගේ CPD වලින් තමන්ට ගන්න පුළුවන් තවත් දෙයක්. යම් යම් වෙනස් තත්වයන් වලට අනුගත වෙන්නෙ කොහොමද කියල ප්‍රගුණ කරන්න ඉගෙන ගන්න පුළුවන්.
Quality Improvement - තත්ත්ව වැඩිදියුණු කිරීම
CPD අඛණ්ඩව දැනුම වැඩිදියුණු කිරීමේ අත්වැලක්, ඉහළ ප්රමිතීන් සහ වෘත්තීන් තුළ වඩා හොඳ කාර්ය සාධනයක් ප්‍රවර්ධනය කිරීමට උපකාරයක් ගන්න පුළුවන්.
Professional Credibility - වෘත්තීය විශ්වසනීයත්වය
CPD ක්‍රියාකාරකම්වල නියැලීම වෘත්තීය විශ්වසනීයත්වය ඉහළ නංවයි, තමා දන්න දේ නැත්නම් නිපුණතාවය පවත්වාගෙන යෑමට ගොඩක් උපකාරී වෙනව. තමන් දන්න දෙයක් උනත් භාවිතා නොකරන විට අමතක වෙලා යන එක සාමන්‍ය දෙයක්. එහෙම වෙන්න නොදී නිතරම ඒ කරුණු මතක්කරගන්න මේ ක්‍රියාකාරකම් උපකාරී වෙනව.
Networking Opportunities - ජාල අවස්ථා
මේ වගේ වලට සහභාගී වීමෙන් වඩාත්ම වැදගත් දෙයක් වන ජාලකරණ කරගැනීමේ අවස්ථාව උදාවෙනව. මොකක්ද මේ ජාල කරණය කියන්නෙ. වෘත්තිකයන්ට ඔවුන්ගේ ක්ෂේත්රයේ සම වයසේ මිතුරන්, උපදේශකයින් සහ ප්‍රවීණයන් සමඟ සම්බන්ධ වීමට ඉඩකඩ ලැබෙනව. යම් ගැටළුවක් ඇති විට ඒ සඳහා උපදෙසක් ගන්න. තමන් දන්න දෙයක් බෙදා ගන්න වගේ ගොඩාක් ප්‍රයෝජන මේ ජාලකරණයෙන් ලැබෙනව.
Legal and Regulatory Compliance - නීතිමය සහ නියාමන අනුකූලතාව
සමහර වෘත්තීන්හි, බලපත්‍ර පවත්වාගෙන යාම සහ නියාමන ප්‍රමිතීන්ට අනුකූල වීම සඳහා අඛණ්ඩ ඉගෙනීම අවශ්‍ය වෙනව.
සාරාංශයක් ලෙස ගත් විට, පුද්ගලික සහ වෘත්තීය වර්ධනය සඳහා CPD ඉතා වැදගත් වන අතර, පුද්ගලයන් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය පුරාවට අනුවර්තනය වීමට, දක්ෂ ලෙස සහ ඵලදායී ලෙස පවතින බව සහතික කිරීමක් මෙමඟින් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ඉදිරියේදී මේ ගැන තව ටිකක් කතා කරමු. දැනගන්න තියෙනවනම් මොනව හරි පහතින් comment එකක් දාන්න. ඔයාල දන්න මොනව හරි තියෙනවනම් මීට අමතර දේවල් පහලින් ඒවත් දාන්න අනික් අයට ප්‍රයෝජනවත් වෙයි.
මේ CPD යම් යම් ආයතන මඟින් පවත්වනව. ඔයාලත් පුළුවන් වෙලාවට මේවත් එක්ක එකතු වෙන්න. Navita Academy අපිත් CPD කරල තියෙනව වගේම තවත් විධිමත් ලෙස ඉස්සරහටත් කරනව.
IQSSL
IESL
CIDA
RICS
AIQS
මේ වගේ තැන් වල කරන CPD වලට ඔයාලට එකතු වෙන්න පුළුවන්. එයාලගෙ web site වල අදාල විස්තර දානව.
Gather to Learn with Navita Academy
© Madusanka Jayalath by Navita Academy
No comments:
Post a Comment