මැනුම් රේඛාවට ඇතිවන
බාධක මොනවද කියල පසුගිය ලිපියෙ අපි සාකච්ඡා කලා. අද අපි ඒ බාධක ගැන විස්තර ඇතුව
කතා කරන්න පොරොන්දු උනා. ඒ ක්රම 3 මතක ඇතිනෙ,
01. පෙළ ගැන්විය හැකි නමුත් මැනිය නොහැකි බාධක.
පෙළගැන්විය හැකියි
යනුවෙන් අදහස් කරන්නේ පෙළගැන්වීම සඳහා මෙම බාධකය හරහා මැනුම් රේඛනය දර්ශනය වීමයි.
මැනිය නොහැකි වශයෙන් අදහස් කරන්නේ දිග වැඩිකම නිසා හෝ මඩවගුරක්, ජලාශයක් වැනි දම්වැලක්,
මිනුම් පටියක් එලා
තැබිය නොහැකි බාධකයකි. මෙය මඟහැරීම සඳහා කල හැකිවන්නේ බාධකය හරහා පෙලගැන්වීම
සිදුකර ඊට පිටතින් මැනීම සිදුකිරීමයි.
ඉහත 1 රූපයට අනුව AB දිග මැනීම සඳහා A
හා B හිදී පිහිටුවා ගන්නා
අනුලම්භ රේඛා අතර කෙටිම දුර මැනීම මඟින් AB දිග ලබාගත හැකිය.
ඉහත 2 රූපයට අනුව AB දිග මැනීම සඳහා A
හා B හිදී පිහිටුවා ගන්නා
රේඛා වලින් ලම්භකයක් ආපාතනය කරන ලක්ෂයේදී පාද දෙකේ දිග මැනීම මඟින් AB දිග ගණනය කරගත හැකිය.
02. මැනිය හැකි නමුත් පෙළගැන්විය නොහැකි බාධක.
මැනිය හැකි යනුවෙන්
අදහස් කරන්නේ ආනතිමානයක් භාවිතා කර හෝ පියගැටපෙල ක්රමයෙන් දුර මැනීමට හැකිවීමයි.
පෙළගැන්විය නොහැකි යන්නෙන් අදහස් කරන්නේ පෙළගැන්වීම සඳහා මෙම ලක්ෂය දෙක අතර එකිනෙක
දර්ශනය නොවීමයි.
ඉහත රූපයට අනුව AB
රේඛාව කොටස් වලට බෙදා
ගැනීම සඳහා පෙළගැන්වීමක් කළ යුතුය. නමුත් එම පෙළගැන්වීම එකවර සිදුකල නොහැකි නිසා
අවස්ථා කිහිපයකදී සිදුකරනු ලැබේ. ඉන් අනතුරුව කොටස් වශයෙන් එම ලක්ෂය 2 අතර දුර මැනිය හැකිය.
03. මැනීමට හෝ පෙළගැන්වීමට නොහැකි බාධක.
පෙළගැන්විය නොහැකි
යන්නෙන් අදහස් කරන්නේ ලක්ෂය දෙක අතර
එකිනෙක නොපෙනෙන නිසා
හෝ බාධකය හරහා ගමන් කිරීමට නොහැකි නිසා පෙළගැන්වීමට නොහැකි බවයි.
නිය නොහැකි
යනුවෙන් අදහස් කරන්නේ බාධකයට ඉහලින්
හෝ බාධකය හරහා මිනුම් පටි,
දම්වැල් ඇදිය
නොහැකි බවයි.
ඉහත රූප වල AB දිග මැන ගැනීම සඳහා සිදුකරන ලද ඡ්යාමිතික
නිර්මාණ අනුව පොළව මත එලන රේඛා වල දිග මැනීමෙන් AB දිග ලබා ගත
හැකිය.
ඔන්න ඔය ආකාරයට තමයි
බාධක මඟහැරීම සිදුකරනු ලබන්නෙ. මේ සම්බන්ධව ගැටළු තියෙනවනම් Navita Academy Facebook Page එකට හරි Navita Facebook Group එකට හරි යොමු කරන්න
පුළුවන්. දිගටම අපිත්
සමඟ රැදිල ඉන්න්න. මේ Blog
එකත් Follow කරල තියා ගන්න. මේ ලිපි මාලාවෙන් අපි ඊලඟට
කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දම්වැල් මැනුම (Chain Surveying) ගැන.
No comments:
Post a Comment