Surveying යටතේ රේඛීය මිනුම් ලබා
ගැනීම ගැන අපි සාකච්ඡා කලා මතක ඇති. දිග වගේම උස මනින්න වෙන අවස්ථාත් අපිට තියෙනව.
පස් කැපීමක්, පස් පිරවීමක්
ආදිය එයට උදාහරණ වෙනව. අද අපි කතා කරන්නෙ මෙන්න මේ කියන සිරස් රේඛීය මිනුම් ගැනීම
ගැනයි.
Vertical
Linear Measurements (සිරස් රේඛීය
මිනුම් ගැනීම)
සිරස් රේඛීය මිනුම්
ගැනීමක් කියල කියන්නේ එකිනෙකට සමාන්තර වූ තිරස් තලයන් අතර ලම්භක දුර හෙවත් කෙටිම
දුර මැනීමයි. මේ සඳහා භාවිතා කරන උපකරණය මට්ටම් උපකරණය හෙවත් Leveling instrument යනුවෙන් හදුන්වනු
ලැබේ. මෙම උපකරණයෙන් සිදුවන්නේ එකම තිරස් මට්ටමේ පිහිටි එනම් එකම තිරස් තලයේ
පිහිටි ලක්ෂයන් 2ක්
හදුනාගැනීමයි. එක් එක් තිරස් තලයන් මත පරතරය මැනීමට සිරස් දණ්ඩක් හෙවත් Leveling staff එකක් භාවිතා කල
යුතුයි.
මෙන්න මේ සිරස් මිනුම්
ගැනීමේදී අවශ්‍ය වෙන වචන ටිකක් තියෙනව ඔයාල අර්තය දැනගෙන ඉන්න ඕන කරන. ඉතින් අපි
බලමු ඒ මොනවද කියල. ඔයාලත්
අළුතෙන්ම මේ සම්බන්ධව ඉගෙන ගන්නවනම් අනිවාර්යෙන්ම මේ වචන ටික හොදට මතක තියාගන්න
ඕන. ඉදිරියේදී මම මේ වචන භාවිතා කරද්දි දැනගෙන ඉන්න ඕන ඒ මොනවද කියල.
මට්ටම් උපකරණය. (Leveling instrument)
මෙන්න මේකෙන් තමයි
මැනීම් කටයුතු සිදුකරන්නේ. නිවැරදිව සකස්
කිරීමෙන් පසු ස්ථානගත කරන ලක්ෂය හරහා යන තිරස් තලයේ තවත් ඕනෑම ලක්ෂයක් හඳුනා ගත
හැකි උපකරණයක් මට්ටම් උපකරණයක් කියල කියන්න පුළුවන්. මේ සඳහා විවිධ වර්ගයේ උපකරණ
භාවිතා කරණු ලැබේ. ඔයාලත් මේ වෙනකන්
භාවිතා කරල තියෙන උපකරණ වර්ග මොනවද කියල Navita Academy Facebook Page එකේ Comment එකක් දාන්න.
දිගටම මේ වගේ ලිපි බලන්න Page
එකට Like එකකුත් දාන්න.
පසු දක්නය.(Back
sight)
උපකරණය
සැකසීමෙන්
පසුව ගනු ලබන පලමු මිනුම හෙවත් පළමු වන නිරීක්ෂණය තමයි පසු දක්නය කියල කියන්නෙ.
පෙර දක්නය.(Fore
sight)
මැනුම් ගැනීමේ ක්‍රියාවලිය
අවසන් වීමෙන් පසුව උපකරණය
ගැලවීමට පෙර
ගන්නා ලබන අවසන් මිනුම අවසන් නිරීක්ෂණය තමයි පෙර දක්නය කියල කියන්නෙ.
අතරමැදි දැක්ම. (Inter sight)
මැනුම් ගැනීමේ
කාර්යයකදී
ඉහතින් අපි කතා කළ පළමු හා අවසාන මිනුම නොවන, එකම උපකරණ
පිහිටුමකදී ගනු ලබන සියළුම මිනුම් අතරමැදි දැක්ම යනුවෙන් හදුන්වනු ලැබේ.
සම්මත මට්ටම. (Datum level)
අප විසින් ගනු ලබන
කිසියම් වූ මට්ටම් ගැනීමකදී එම කාර්යය සම්මත කරගන්නා ලද ආරම්භක ලක්ෂයකට සාපේක්ෂව
සිදු කරනු ලැබේ. එසේ මට්ටම් ගන්නා ආරම්භක ලක්ෂය සම්මත මට්ටම යනුවෙන් හදුන්වනු
ලැබේ.
තවත් වචන කිහිපයක්
තියෙනව මිනුම් ලබා ගන්න කලින් දැනගන්න. ඊළඟ ලිපියෙන් බලමු ඒ මොනවද කියල. Blog එක Follow කරල තියා ගන්න
අපේ ලිපි වලින් ඉගෙන ගන්න දෙයක් තියෙනවනම්. ඒ වගේම මේ ලියන ඒව ඔයාලට තේරෙනවද හා
ඒවගෙ මොනවද තියෙන අඩුපාඩු කියලත් FacebookPage එකේ
අනිවාර්යෙන් .comment එකක් දාන්න. ඔයාලගේ
තියෙන ගැටළු කතා කරන්නත් අපි NavitaGroup කියල Group එකක් තියෙනව දන්නවනෙ ඔයාල. ඒකට ඔයාලගේ
යාළුවන්ටත් Joint වෙන්න ආරාධනා කරන්න. ඒ
හරහා අපි දන්න නොදන්න ලොකු පොඩි සියළු දේ කතා කරගන්න විදියට හදා ගමු.
No comments:
Post a Comment