Friday, May 1, 2020

Distance Measuring


රේඛීය දිග මැනීම ගැන තමයි අපි කතා කලේ. ගැන ගැටළු නැතිව ඇති කියල හිතනව. ඒවල මොනව හරි තියෙනවනම් අපේ Navita Academy Facebook Page එක හරහා අපිව සම්බන්ධ කරගන්නත් පුළුවන්. පහලින් මම ඒවගෙ Link දාල තියනම්. හොඳයි අද අපි බලමු ආනත තලයක් ඔස්සේ තිරස් දුර මනින්නෙ කොහොමද කියල.

ආනත තලයක් ඔස්සේ තිරස් දුර මැනීම



1. ආනතිමානය මඟින්

මේ සඳහා ආනතිමානය ( Clinometer) කියන උපකරණය භාවිතා කරනව. ඒවල පිංතූර අන්තර්ජාලයෙන් ගත්ත පිංතූර නිසා Navita Academy Group එකේ දාල තියන්නම්. රූපයේ විදිහට AB  කියන ලක්ෂ්යය 2 අතර දුර සෙවීමට ඇතැයි සිතමු. නියමිත උසකදී A හිදී සවිකරණ ආනතිමානය මඟින් A හිදී සමාන උසක් නිරීක්ෂණය කිරීමට පුළුවන්. මෙවිට තිරසට දක්වන ආනතිය a නම් එම ලක්ෂ්‍යය 2 අතර ඇති ආනත දුර D නම් තිරස් දුර සොයා ගැනීමට එම කෝණයේ Cos අගය ලබා ගත හැකිය
එනම්,
Cos a = L/D

L = D Cos a



2. පිය ගැට පෙල ක්‍රමය මඟින්


මෙහිදී කරන්නෙ රූපයේ පරිදි AB දුර එකවර මැනිය නොහැකි අවස්ථා වලදී මෙම පියගැටපෙල ක්‍රමය හෙවත් පිය ගැටීමේ ක්‍රමය භාවිතා කරනු ලබනවා. තිරස්ව මැනගත හැකි l1, l2, l3, … ආදී වශයෙන් කොටස් වෙන වෙනම මැන සම්පූර්ණ දිග L = l1 + l2 + l3 + … ලෙස ලබා ගත හැකි වෙනවා.

ලක්ෂ්‍යයන් 2ක් අතර නිවැරදිව දුර මැනීම

ඉතා නිවැරදිව මැනීම සඳහා වර්තමානයේ භාවිතා කරන EDM, GPS, Total station වැනි උපකරණ යොදා ගත හැකි නමුත් ප්‍රායෝගිකව වානේ මිනුම් පටිය භාවිතා කරමින් ලක්ෂ්‍යය 2ක් අතර නිවැරදිව දුර මැනීමේ ක්‍රමය කොහොමද කරන්නෙ කියල අපි සලකා බලමු. වානේ මිනුම් පටියකින් මැනිය හැකි කුඩාම මිනුම 1mm කියල තමයි සලකන්නෙ. කලින් ලිපි වලත් අපි ඒ ගැන කතා කරල තියෙනව. මිනුම් පටියකින් මැනීමේදී මෙහි නිවැරදිතාවය වඩා තහවුරු කරගැනීම සඳහා විවිධ පූර්වෝපායන් අපි භාවිතා කරනවා. ඒ මොනවද කියල බලමු.

  • නැවත නැවත මැනීමේ ක්‍රමය.

එකම මිනුමක් එකම උපකරණයෙන්ම කිහිපවතාවක්ම මැන එම අගයන්ගේ මධ්‍යන්‍යය ගැනීම නිවැරදි ලෙස සැලකීමයි. ඒ කියන්නෙ යම් ස්ථානයක මිනුමක් ගැනීමට ඇති අවස්ථාවක එක් වරක් පමණක් මිනුම් නොගෙන ඒ මිනුම් ගන්නා මිනුම කිහිපවතාවක්ම අරගෙන ඒවායේ මධ්‍යන්‍යය අගය ලබා ගන්නව.

  • කොටස් වලට බෙදා මැනීමේ ක්‍රමය.

ගත යුතු මිනුම ඉතා විශාල යැයි සිතන්න. මෙන්න මේ වෙලාවට ඒ දුර අපිට පුළුවන් කොටස් වලට වෙන වෙනම ගෙන එම කොටස් මැනීමෙන් නිවැරදි අගය ලබා ගන්න.

  • මිනුමට ශෝධනය යෙදීමේ ක්‍රමය.

ලබා ගත් මිනුම් වලට පාරිසරික හා භෞතික සාධක පදනම් කරගත් ශෝධන යෙදීම මගින් ලබාගත් මිනුම් වල නිවැරදිතාවය වඩා තහවුරු කර ගත හැකිය.

මිනුමක් ලබා ගැනීම කරන්නෙ හා ඒ සඳහා ශෝධනයන් ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.

මේ blog එක පටන් අරගෙන මාසයකටත් අඩු කාලයක් තුල හොඳ ප්‍රතිචාර තිබුණ. පුද්ගලිකව ඉල්ලීම් රාශියක් ඇවිත් තිබුණ. ඒ කරුණු එකින් එක මම ඉදිරියේදී ලිපි ගෙන එන්නම්. මේ ලිපි මාලාව ගැන ඔයාලගෙ අදහසුත් දැන ගන්න අවශ්‍යයි ඒ සඳහා. 

මේ තිබෙන තත්වයත් එක්ක NCT (Civil), NCT(QS) , AQS වගේ පාඨමාලා කරන අයගේ පාඩම් අතපසු වෙලා තියෙන්නෙ. එකින් එක ලිපි අරන් එන නිසා හැම විෂය කරුනක්ම කියල දෙන්න ලොකු කාලයක් යනව. ඔයාලා ගාව තියෙනවනම් අපේ Page එක හරහා Notes බෙදා ගන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. මගෙන් ගොඩක් දෙනා ඉල්ලීම් කරල තිබුණ නිසා ඔයාලවත් දැනුවත් කලේ,NCT 2nd year ඉන්න අයට පුළුවන් NCT 1st year අයට දෙන්න. ඒ වගේ. එහෙම උනොත් අපේ Page එකේ අරමුණත් සාර්ථක වෙනව.

Like කරන්න NavitaAcademy Facebook Page එකට

Join වෙන්න NavitaAcademy Facebook Group එකට

Follow කරන්න NavitaAcademy Blog එක

Follow කරන්න NavitaAcademy Twitter එක

Follow කරන්න NavitaAcademy Instagram එක

Email කරන්න NavitaAcademy Email එකට


No comments:

Post a Comment