Thursday, May 14, 2020

Quantity Surveyor




මේ කලින් කතා කරපු ලිපි සම්බන්ධ ගැටළු තිබුණ අය මට Messenger හරහා ගැටළු ඉදිරිපත් කරල තිබුණා. මම පුළුවන් හැමෝටම පිළිතුරු ලබා දුන්නා. සමහර කරුණු කියන්න අමාරු ඒවා ගැන මම ඉදිරියේදී සියළු දෙනාගේ දැන ගැනීම සඳහා ලිපි මඟින් ඉදිරිපත් කරන්නම්.


අද අපි කතා කරන්නෙ සියළුම දෙනාට වැදගත් දෙයක් ගැන. මගෙන් ගොඩක් දෙනා අහල තිබුණ QS වලට Jobs තියෙනවද? පඩි කීයක් ගෙවනවද? මේක කරන එක හොඳයිද? QS කරපු අය Civil Engineering කරන්නත් Civil Engineering කල අය QS කරන්නත් වගේ ගොඩක් ප්‍රශ්ණ අහල තිබුණ. ඒක ගැන තමයි මේ ලිපිය.
මුලින්ම මේ විෂය ගැන ගොඩක් දෙනාගේ අවබෝධයක් නැහැ. අපේ ලිපියකටත් එක මහත්මයෙක් කියල තිබ්බ මේව ඉගෙන ගන්න එපා අල බතල හිටවන්න ඊට වඩා හොඳයි කියල. ඒක ඒ මහත්මයගේ අත්දැකීම. බාගෙට ඉගෙන ගත්තහම එහෙම වෙනව තමයි. මම ඒ comment එකට Reply දැමීමෙන් පසු ඔහු ඒ comment එක ඉවත් කරගෙන තිබුණ.
 ඇත්තටම ලංකාවේ බොහෝදෙනාගේ අත්දැකීම තමයි ඒ. ගොඩක් දෙනා ඒ වගේ බාගෙට ඉගෙන ගත්ත පිරිසක් ඉන්නෙ.
ඇත්තටම QS හොඳ නැත්ද?
ඇත්තටම හොඳයි.
එහෙනම් ඇයි ගොඩක් දෙනා මෙහෙම කියන්නෙ?
ඒ ඔවුන්ගේ මට්ටමින් තමයි එහෙම කියන්නේ. ඔවුන් ඉගෙන තියෙන මට්ටමින් තමයි ඔවුන්ට මේ ක්ෂේත්‍රයේ සලකන්නේ.
හැමෝටම මෙහෙමද?
නැහැ, හැම දෙනාම මෙහෙම නැහැ. අපේ රටේ වගේම විදේශ රටවල මේ සම්බන්ධ ප්‍රවීණයන් සිටිනවා.
අපේ ගොඩක් අධ්‍යාපන ආයතන වලත් එහෙම තමයි ප්‍රචාරණය කරන්නේ. මේක කරන්න මාසෙකට ලක්ෂ එක හමාරක් හොයන්න කියල. එහෙම කිව්ව කියල එක පොඩි Course එකක් කලාට එහෙම ගෙවන්නේ නැහැ. QS කියන්නෙ මොකක්ද කියල මම වෙනමම ලිපියක් පල කරන්නම්. සරලව කියනවනම් QS තමයි ව්‍යාපෘතියක මුදල් සම්බන්ධව කටයුතු කරන්නේ. ඔහු තමයි අදාල ඉදිකිරීම සම්බන්ද මුදලට වගකිව යුත්තා. ඔය අපි කලින් කතා කල අය QS කියල නමින් ඉන්න අතුරු තක්සේරු ගිණුමක් හදන්න උදව් වෙන. යම් මිනුමක් ගැනීමට සම්බන්ධ වෙන අය. ඒ ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම අනුව තමයි පඩිය තීරණය වන්නේ. සියළුම නීතිරීති සම්බන්ධ දැනුවත් පුද්ගලයාත් වන්නේ ප්‍රමාණ සමීක්ෂක වරයා තමයි. ඉතින් මෙහෙම වගකීමකට බාගෙට ඉගෙන ගෙන තියෙන කෙනෙක් දාන්න බැහැනෙ. ඒක ඔයාලටත් තේරුම් යන්න ඕන.
මේ සම්බන්ධව පිලිගත් ආයතනයකින් ඉගෙනගෙන තියෙන කෙනෙක්ට රැකියා නැතිව ඉන්නව කියනවනම් බොරුවක්. එහෙම අරන් රැකියාවක් නැහැ කියන්නෙ ඔහු නිකම් Copy කරල සමත් වුන කෙනෙක්. මේ සඳහා උපාධියක් තියෙන්නම ඕනද?
නැහැ. කොහෙත්ම නැහැ. සාමාන්‍යපෙල විභාගය සමත් වෙලා විවිධ පාඨමාල හදාරල වරලත් ප්‍රමාණ සමීක්ෂකයෙක් වෙනකන් යන්න ඔයාලටත් පුළුවන්. හැබැයි මේක නිකම් ලඟට කවුරුවත් ගෙනත් දෙන්නේ නැහැ. තමන්ගේ මහන්සිය තමයි.
කොහොමද හරි මාර්ගයක් තොරගන්නෙ කියල මම කිහිප දෙනෙක්ටම උපදෙස් ලබා දුන්නා. සියළු දෙනාටම දැන ගන්න තමයි ලිපියක් පල කලේ.
මුලින්ම කවුරුවත් කීවට කරන්න යන්නම එපා.
තමන්ට ආසාව තියෙන්න ඕනමයි.
මුලින්ම තමන් පොඩි Course එකක් කරන්න මේකට අඩිතාලමක් විදිහට.
ඉන් පසු බලන්න මේක හරියනවමද කියා ඔයාලට.
ඉන් පසු තමන් කල පාඨමාලාවේ රජයේ ආයතනයක්නම් NVQ නැත්නම් වෘතීය සුදුසුකම්  4,5,6,7 ලෙස ඉගෙන ගන්න පුළුවන්. මේ සඳහා UNIVOTEC ආයතනයෙන් උපාදිය දක්වා ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම IQSSL ආයතනයෙන් වරලත් ප්‍රමාණ සමීක්ෂක වරයෙකු වෙනකන් ඉගෙන ගන්නත් අවස්ථාව තිබෙනවා. ඉතින් මේ බාගෙට ඉගෙන ගත් පුද්ගලයන්ගේ උපදෙස් ගන්න එපා කියල තමයි අපිනම් කියන්නෙ.
ගොඩක් වැදගත් වෘත්තියක් තමයි මේ. තවත් මොනව හරි දැනගන්න අවශ්‍යනම් අපේ Navita Academy Facebook Page එකට Comment එකක් දාන්න.
ඉදිරියේදී කව්ද ප්‍රමාණ සමීක්ෂකයෙක් කියන්නෙ කියන ලිපියක් ඉක්මනින්ම අරගෙන එන්නම්. ගොඩක් ප්‍රශ්ණ තිබුණ ඒ ගැනම. අවසාන වශයෙන් කියන්නෙ තමන් ආදරය කරන ආස කරන දෙයක් කරන්න. ඔයාල දැන් හැරෙන්න බැරි තරම් දුරක් ඇවිත්නම් තමන් කරන දෙයට ආදරය කරන්න වරදින් නෑ ඔයාලට.

No comments:

Post a Comment