Tuesday, May 5, 2020

Taking Off Building Quantities I


අපි මේ වෙද්දි BOQ එක ගැන කතා කලා. BOQ එක කොහොමද හදන්නෙ හා එයට ඇතුලත් විය යුතු දේ පිළිබඳව. ඉන් පසු කතා කලා වැඩ විස්තරය ලියන්නෙ කොහොමද කියල. අද ලිපිය බලන්න කලින් අනිවාර්යෙන්ම ඒ ලිපි බලල එන්නනම් වෙනව.

BOQ එක හදන්න අපිට ඕන වෙනව වැඩ අයිතම වල ඇස්තමේන්තු කල ප්‍රමාණයන්. අපිට නිකන් හිතල දාන්න බැහැ. ඇස්තමේන්තු ප්‍රමාණ ලබා ගන්නෙ කොහොමද කියල අපි බලමු. අපි අද කතා කරමු ප්‍රමාණ සමීක්ෂකයෙක් සැලසුමකින් මිනුම් ලබා ගන්නෙ කියල. Taking off කියල තමයි කියන්නෙ. මේ සඳහා ප්‍රමාණ සමීක්ෂකයන්ට පමනක් ආවේනික උන වෙනම ආකෘතියක් තියෙනව.


සැලසුම් වල ඇති මිනුම් සටහන් කරන්නෙ මෙන්න මේ පත්‍රයේ තමයි. සිරස් අතට ඉරි ඇදල තියෙන මේ පත්‍රයට මිනුම් පත්‍රය කියල තමයි කියන්නෙ. Dimension paper/ Taking off sheet/ measurements sheet/ TDS sheet කියල තමයි ක්ෂේත්‍රයේදිනම් අහන්න වෙන්නෙ. මෙන්න මේ Dimension paper එකේ මිනුම් ලියන හා කියවන, භාවිතා කරන, ප්‍රමාණ සමීක්ෂකයන්ටම ආවේනික උන සම්මත ක්‍රමවේදයන් තිබෙනවා. සම්මත ක්‍රමයන් ගැනත් අපි කලින් ලිපි වල විස්තර ඇතිව කතා කරල තියෙනවා. පහත රූපයේ තියෙන්නෙ මේ Dimension paper එකක ආකෘතියක්. මේක A4 ප්‍රමාණයේ කඩදාසියක තමයි ඉරි ගහල තියෙන්නෙ.



මුලින්ම බලමු අපි මේ තීරු මොනවද කියල. මේ විදිහට කොලේ දෙපැත්තෙම ලියනව. එතකොට මේ විදිහමයි දෙපැත්තම. තව ඔයාලට දකින්න පුළුවන් මෙ කොලේ එක ලඟ ඉරි 2 ගානෙ ගහපුව. ඒකෙ ඉස්සෙල්ලම පොඩි තීරුව වෙන් කරල ඉරි 2ක් ගහල තියෙනව. මේකට කියන්නෙ Binding margin එක කියල. ඒ කොටස තියෙන්නෙ මේ කොල ටික එකට අමුනන්න. එතකොට එකම කොලේ ගත්තහම පිටුවෙ ඉදිරිපස එහෙම නැත්නම් face side එක තුල මේ Binding margin එක වම් පැත්තෙ තියෙන්නෙ. මේ පිංතූරෙ විදිහට. ඔයලට තේරෙනව එතකොට පිටුව අනික් පැත්ත හරවපු විට නැත්නම් revers side එක තුල මේ  Binding margin එක තියෙන්නෙ දකුණු පැත්තෙ. ඒ දෙක හරිනෙ.

මේ කොලේ පැති දෙක ගැන දන්නවනෙ දැන්. එක පැත්තක කරුණු බලමු. ප්‍රධාන වශයෙන් මේ කොලේ කොටස් 2කට බෙදල තියෙනව. මැද තියෙන එක ලඟ ඉරි දෙක පේනවනෙ. අන්න එතනින් තම ප්‍රධාන කොටස් 2 කට බෙදන්නෙ. ඒ බෙදපු කොටස් දෙකෙන් දෙපසම එක වගේ තියෙනවනෙ නේද? අන්න ඒ විදිහට ඒ ප්‍රධාන කොටස් දෙක නැවත කොටස් 4කට එක කොටසක් බෙදනව. මම අකුරු වලින් mark කරල තියෙන්නෙ. T, D, S, Description කියල.



T - Timesing column හෙවත් වාර ගණන තීරුව තමයි මේක. මේ තීරුවෙ ලියන්නෙ කොපමණ වාර ගණනක්ද කියල. ඉදිරියේදී මම කියල දෙන්නම් ඒ කොහොමද කියල.

D - Dimension column නැත්නම් මිනුම් තීරුව තමයි දෙවන තීරුව. මේ තීරුවෙ තමයි QS විසින් Drawings මඟින් ගනු ලබන මිනුම් සටහන් කරන්නෙ. මිනුම් ලිවීමේදී සෑම විටම අපි ලියන්නෙ දිග x පළල x උස පිලිවෙලට තමයි. ඒක අනිවාර්යයයි. ඒව තමයි පොඩි දේවල් උනාට ප්‍රමාණ සමීක්ෂකයෙක් විසින් භාවිතා කරන ඉතා වැදගත් කරුණු. සැලැස්මක් ගත්තොත් තිරස් මිනුම් පලමුවත් සිරස් මිනුම් දෙවනුවත් ගනු ලබනව.

S - Squaring column නැත්නම් ගුනිත තීරුව කියන්න පුළුවන්. කලිනුත් කීව වගේ සිංහල වචන වල අඩුපාඩු එන්න පුළුවන් පරිවර්තනයේදී. ඒ අඩුපාඩු පෙන්වල දෙන්න මොනවහරි දෙයක් තිබුණොත්. මෙන්න මේ තුන්වන තීරුවෙ තමයි අපි පළමු හා දෙවන තීරු වල ලියපු අගයන්ගේ ගුණිතයන් සඳහන් කරන්නෙ.
මේ කිසිම තීරුවක අපි ඒකක සඳහන් කරන්නෙ නැහැ. ඉදිරියේදී ඒ ගැන කියල දෙන්නම්. හතර වන තීරුව තමයි.

Description column නැත්නම් වැඩ විස්තරය තීරුව. මේ තීරුවෙ තමයි වැඩ විස්තරය ලියන්නෙ. වැඩ විස්තරය ලියන හැටි කතා කලා අපි මතකයිනෙ. ඒක නිසා මේ වෙලාවෙ ඒක ගැන කතා කරන් නැහැ නැවත. ඒ ලිපිය බලල එන්න. සම්මත ක්‍රමයට අනුව තමයි වැඩ විස්තරය ලියන්න ඕන. මෙහිදී කෙටි යෙදුම් භාවිතා කරන්න පුළුවන්. සම්පූර්ණ වැඩ විස්තරයම ලිවිය යුතුයි.මෙන්න මේ විදිහට තමයි TDS කියන නම තියෙන්නෙත්. 

මේ තීරු වලින් කියන්නෙ මොකක්ද කියල දන්නව. ඊළඟට අපි බලමු මේ වගෙ මිනුම් සටහන් කරන්නෙ කොහොමද කියල. දිගටම අපිත් එක්ක එකතු වෙල ඉන්න. Navita Academy Facebook Page එක හරහා එකතු වෙල ඉන්න්න. මේ Blog එකත් Follow කරල තියා ගන්න වැදගත් වගේනම්. ඔයාලගෙ ප්‍රශ්ණ අපිට කියන්න Navita Api Group එක හරහා.
                                        

No comments:

Post a Comment