මැනුම් විද්‍යාවේ
මූලධර්ම ගැනත් ආනත තලයක මැනුමක් ගන්නා ආකාරයත් කතා කලා. අද බලමු පොඩි උදාහරණයක් හා
මිනුම් වලට ශෝධනයන් යෙදීම ගැන.
පහත තියෙන
රූපයේ තියෙන මිනුම ගැනීම සලකා බලමු.
Line – AC
Date – 02/05/2020
Observer – Nimal & Kamal
Recorder – Ruwan
ඉහත රූපයේ
විදිහට A හා C එකම මට්ටමේ නෙමෙයි
තියෙන්නෙ. මෙය ප්‍රමාණයෙන් විශාල නිසා එකවරම මැනුම් ලබා ගැනීමේදී විවිධ දෝෂ ඇතිවේ.
තෝරාගත් ලක්ෂ්‍යය 2 අතර මැනීමට
පහසු වන ලෙස කොටස් කිරීමක් කරල තිබෙනව. අපි එම ලක්ෂ්‍ය B කියල ගනිමු. මේ
විදිහට කොටස් දෙක අරගෙන එකතු කරල සම්පූර්ණ දිග මැන ගන්න පුළුවන්. මෙය කොටස් වලට
බෙදා ගැනීම ලෙස හඳුන්වනවා. පූර්ණයේ සිට කොටසට වැඩ කිරීම මෙහිදී සිදුවී ඇත.
Bay 01
Inclination - 00 00’
Applied pull – 10N
Temperature – 25 0C
Unit weight of tape – 15 g/m
First point
(Point A)
|
Last Point
(Point B)
|
Length
|
2.260
|
22.960
|
20.700
|
2.570
|
23.265
|
20.695
|
2.780
|
23.480
|
20.700
|
මෙහිදී වැඩි
වාර ගනනක් 20.700 යන අගය ලැබී
ඇති බැවින් Bay 01 හි මනින ලද
දිග 20.700 ලෙස ගත හැක.
Bay 02
Inclination - 60 30’
Applied pull – 15N
Temperature – 25 0C
Unit weight of tape – 15 g/m
First point
(Point B)
|
Last Point
(Point C)
|
Length
|
2.055
|
38.865
|
36.810
|
2.255
|
39.055
|
36.800
|
2.405
|
39.235
|
36.830
|
මෙහිදී 36.810 හා 36.800 යන අගයන්
ආසන්න වශයෙන් සමාන බැවින් ඒවායේ මධ්‍යන්‍යය ගනු ලැබේ.
(36.800+36.810)/2 = 36.805
Bay 01 + Bay 02 = Total length
20.700+36.805=57.505
ශෝධන යෙදීම
ඉහත ආකාරයට
ලබා ගත් මිනුම් පාරිසරික තත්වයන් හේතු නිසා විවිධ දෝෂ වලට ලක් වේ. මේවා මඟ හැරීම
සඳහා ශෝධන යෙදීමක් කරණු ලැබේ. මෙම ශෝධනයන් පහත පරිදි සිදු කරනු ලැබේ.
- සම්මතකරණය සඳහා ශෝධනය
- එල්ලා වැටීම සඳහා ශෝධනය
- උෂ්ණත්වය සඳහා ශෝධනය
- ආනතිය සඳහා ශෝධනය
- ආතතිය (ඇඳීම) සඳහා ශෝධනය
- මුහුදු මට්ටමේ සිට උස සඳහා ශෝධනය
සම්මතකරණය සඳහා ශෝධනය
මිනුම් පටියක
දෝශයක් තිබුණ විට තමයි මෙම ශෝධනය කරන්නෙ. එනම් කිසියම් මිනුම් පටියකින් දිග මැනීම
සිදුකල පසු එම මිනුම් පටියේ දෝශයක් ඇතැයි හඳුනාගතහොත් මෙම සම්මතකරණ ශෝධනය යොදනු
ලැබේ.
පොඩි
උදාහරණයක් අරගෙන බලමු,
යම් කිසි
දන්නා දිගක් ඇති බැම්මක් සලකමු. අපිට මිනුම් පටි 3ක් තිබෙනව මැනීමට.
එකක් තියෙනව නිවැරදිම එකක්,
තව එකක් තියෙනව ඇදිල දිග වැඩි වෙලා, තවත් එකක්
තියෙනව හැකිලීම නිසා දිග අඩු වෙලා. මේ තුනෙන් මැන්න විට එන්නෙ අගයන් 3ක් කියල ඔයාලට
තේරෙනවනෙ. අන ඒ වෙලාවට අපිට මෙහෙම ඒ මිනුම ශෝධනය කරන්න පුළුවන්.
මෙහි A කියන්නෙ නිවැරදි
මිනුම් පටිය. එහි පාඨාංකය 20.000 ලෙස දැක්වෙනව
මෙහි B කියන්නෙ ඇදිල, දිග වැඩි මිනුම්
පටිය. එහි පාඨාංකය 19.986 ලෙස දැක්වෙනව
මෙහි C කියන්නෙ හැකිලීම
නිසා දිග අඩු මිනුම් පටිය. එහි පාඨාංකය 20.017 ලෙස දැක්වෙනව
ඉහත රූපය අනුව
නිවැරදි බැම්මේ අගය වැරදි මිනුම් පටිය නිසා දෝශ සහිත වේ. මෙම මිනුම් පටියෙන් වෙනත්
අගයක් මැන්න විට ලැබිය යුතු පාඨාංකය පහත පරිදි සොයා ගත හැකිය. අපි මැන්න අනික් අගය 45.500
ලෙස පාඨාංකය ලැබුනේ යැයි සිතන්න.
- ඇදිල දිග වැඩි මිනුම් පටියෙන් මැන්න විට, (a යනු ලැබිය යුතු පාඨාංකයයි)
19.986
/ 20.000 = 45.500 / a
a
=( 45.500 x 20.000)/19.986
a
= 45.532
- හැකිලීම නිසා
දිග අඩු මිනුම් පටියෙන් මැන්න විට, (a යනු ලැබිය
යුතු පාඨාංකයයි)
20.017 / 20.000 = 45.500 / a
a = (45.500 x 20.000) / 20.017
a = 45.461
ඔය විදිහට
තමයි මිනුම් පටියක හඳුනාගත් දෝශයකට ශෝධනය යොදන්නෙ. අනික් ශෝධන ක්‍රම ඊළග ලිපියෙන්
කියල දෙන්නම්. දිගටම අපිත් එක්ක එකතු වෙල ඉන්න. Blog එකත් Follow කරල තියා
ගන්න. Blog එකේ නොදාන පොඩ් විස්තර හා ප්‍රශ්න පත්‍ර
එහෙමත් සාකච්ජා කරන්න කරන්න බලාපොරොත්තු වෙන්ව
Facebook page එකේ. ඒකටත් Like එකක් දාල තියා ගන්න. පහලින් ඒවගෙ Link මම දාල තියන්නම්. තව මේකෙ දියුණු කරන්න
ඕන මොනවද හා ඔයාලට අවශ්‍ය කරුණු ගැනත් කියන්න.
Facebook group එක හඳල තියෙන්නෙ නොදන්න කරුණු කතා කරන්න.
ඔයාලගෙ ගැටළු එතන කතා කරන්න.
No comments:
Post a Comment