අද අපි කතා කරන්න
බලාපොරොත්තු වෙන්නෙ ඉදිකිරීම් තාක්ෂණය යටතේ කතා කරන ගඩොල් බැමි ගැන. සියළුම
පාඨමාලා වලට මෙම බැමි වර්ග ඉගැන්වීම සිදු කරනු ලබනවා. ගඩොල්නම් දැකල ඇතිනෙ නේද?
සම්මත ගඩොලක ප්රමාණයන් මොනවාද?
දිග
215
mm පළල
102.5
mm උස
65
mm තමයි සම්මත
ගඩොලක ප්රමාණය වෙන්නෙ. නමුත් භාවිතයේදීනම් අපිට මෙම ප්රමාණයේ ගඩොල් සොයා ගැනීමට
ඉතාම අපහසුයි. සම්මත ප්රමාණයට වඩා ප්රමාණයෙන් අඩු ගඩොල් තමයි වෙළඳපොළේ ගන්න
තියෙන්නෙ.
ඉදිකිරීම් කටයුතු වල්දී ප්රමාණ සමීක්ෂකවරයෙකුගේ ප්රධාන කාර්යයක් තමයි ගැටළු ඇති නොවෙන්න වැඩ කරන එක. ගොඩක් තැන් වල ප්රායෝගිකව මුහුණ දෙන්න වෙන ගැටළුවක් තමයි නියමිත ප්රමාණයට ගඩොල නැති එක. ගොඩක් දෙනා මේ පිලිබඳ අවබෝධයක් නැති කම තමයි දකින්න ලැබෙන්නේ. අපි ඉගෙන ගන්න දේ ප්රායෝගිකව භාවිතා කරන්නත් දක්ෂ වෙන්න ඕන.
මේ සම්පූර්ණ ගඩොලේ කොටස් වලටත් නම් තියෙනව වෙනම.
ගඩොල් බාගය, ආනබාන්දුව, මාබාන්දුව ආදී
නම් වලින් හඳුන්වනව.
ගඩොල් බැමි වර්ග මොනවාද?
ප්රධාන ලෙස ගඩොල්
බැමි වර්ග 4ක් තියෙනව.
- ඔළු ගල් බැම්ම. (Header Bond)
- බඩ ගල් බැම්ම. (Stretcher Bond)
- ඉංග්රීසි බැම්ම. (English Bond)
- ෆ්ලෙමිස් බැම්ම. (Flemish Bond)
ඔළු ගල් බැම්ම. (Header Bond)
ගඩොලේ ඔළු ගල පැත්ත.
(ලා කොල පැහැති පැත්ත) ඉදිරියට එන
පරිදි තමයි මෙම බැම්ම බඳින්නෙ. බැම්මේ ඉදිරිපසින් බැලූ විට සියළුම ගල් ඔළු ගල් ආකාරයට තමයි බලාගන්න තියෙන්නෙ. ළිං බඳින්න වගේ ඒවට තමයි මෙම බැම්ම භාවිතා කරන්නෙ.
බැම්මේ පළල වෙන්නෙ ගඩොලක දිග ඒ කියන්නෙ සම්මත මිනුම් වලටනම් 215 mm යි. ඒකට අපි බදාම
වාසිය, නැත්නම්
කපරාරු වාසිය සමඟ තමයි 225යි කියන්නෙ. බදාම ඝණකම 10 mm ලෙස සලකන්නේ.
බඩ ගල් බැම්ම. (Stretcher Bond)
ගඩොලේ බඩ ගල පැත්ත.
(ලා නිල් පැහැති පැත්ත) ඉදිරියට එන
පරිදි තමයි මෙම බැම්ම බඳින්නෙ. ගඩොල් භාගයක පළල තමයි බැම්මේ ඝණකම වන්නේ. බැම්මේ ඉදිරිපසින් බැලූ විට සියළුම ගල් බඩ ගල් ආකාරයට තමයි බලාගන්න තියෙන්නෙ.
වෙන් කිරීමේ බිත්ති, තාප්ප ආදිය බඳින්න
තමයි ගන්නෙ. ශක්තිමත් බව ඔළු ගල් බැම්මට වඩා අඩුයි.
ඉංග්රීසි බැම්ම. (English Bond)
එක ගඩොල් වරියක්.
(ගඩොල් වරියක් කියන්නෙ එක මට්ටමේ අතුරල තියෙන ගඩොල් පේලියක්.) ඔළු ගල් වරියකුත්
අනික් වරිය බඩගල් වරියකුත් ලෙස මාරුවෙන් මාරුවට වරි බැදීමෙන් තමයි මෙම බැම්ම
නිර්මාණය කරන්නෙ. සිරස් කුස්තුර එක කෙලින් වැටෙන එක මඟහරවගන්න බැම්ම ආරම්භයේදී ආන බාන්දුවක් දමා තිබෙනව. වඩා ශක්තිමත් බැම්මක් ලෙස ප්රචලිත මෙය බොහෝ ඉදිකිරීම් වලට
භාවිතා වනවා. බැම්මේ ඝණකම වෙන්නෙ ගඩොලක දිගයි. ගඩොල් එකහමාර
හා ගඩොල් දෙකේ දිගක් ඝණකම වන බැමි ලෙසද බැඳීම සිදු කරනු ලැබේ.
බර දැරීමේ
බිත්ති සඳහා මෙම බැම්ම භාවිතා කරනවා.
ෆ්ලෙමිස් බැම්ම. (Flemish Bond)
එකම වරියේ ඔළු ගලක් හා
බඩ ගලක් ලෙස මාරුවෙන් මාරුවට බැදීම සිදු කරනු ලබනවා. අලංකාර බැමි වර්ගයක් වන මෙම
බැම්ම එම අලංකාර බව නිසා කපරාදු නොකර ගඩොල් පෙනෙන ලෙසද සමහර අවස්ථාවලදී බැදීම සිදු
කරනවා. බැම්මේ ඝණකම
වෙන්නෙ ගඩොලක දිගයි.
මෙම බැමි බැදීමේදී
ගඩොල් දෙක අතර තිබෙන බදාම පුරවන සිදුර සිරස් කුස්තුරය vertical joint කියල කියනව. මේ සිරස්
කුස්තුර කිසිම අයුරකින් එක කෙලින් පිහිටන පරිදි බැදීම සිදු කරන්නෙ නැහැ. ගඩොල් සඳහා කරන පරීක්ෂණ එහෙමත් තියෙනව ගඩොල්
බැමි ගැන තවත් ලිපියක් අරගෙන එන්නම්.
අපිත් සමඟ දිගටම රැදිල ඉන්න. Navita Academy Facebook Page එකට Like එකක් දාල තියාගන්න. Blog එකත් Follow කරල තියා ගන්න. යාළුවන්ටත් බලන්න share කරන්න.
© Madusanka Jayalath by Navita Academy
No comments:
Post a Comment