Thursday, May 7, 2020

How to measure distance that run through obstacles I


සියළු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනව. අපි අවසන් වරට කතා කරමින් සිටියේ මැනුම් රේඛාවකට බාහිරින් වූ ලක්ෂයක පිහිටීම හඳුනාගන්නේ කොහොමද කියල. අද අපි බලමු ලඟාවිය නොහැකි ලක්ෂයකට ඇති දුර මනින්නෙ කොහොමද කියල.

ලඟාවිය නොහැකි ලක්ෂයකට ඇති දුර මැනීම.

ලඟා විය නොහැකි ලක්ෂයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ මැනුම් ලක්ෂ 2 අතර මිනුම් පටියක්, දම්වැලක් වැනි මිනුම් උපකරණයක් එලීම මඟින් මැනිය නොහැකි අවස්ථා වලදී මිනුම් ගන්නා ආකාරයයි.ඒ කියන්නෙ අපිට මැනීමට තියෙන ලක්ෂ 2 අතර ගඟක් වගේ දෙයක් තියෙනවනම් මිනුම් ගන්නෙ කොහොමද කියලයි.






ඉහත 1 රූපයේ හා 2 රූපයේ දක්වා ඇති ආකාරයට A සිට B ලක්ෂය දක්වා මැනිය නොහැකිය. නමුත් CD දිගත් අනෙක් කෝණයක්ද මැනීමට හැකි නිසා එම මිනුම් වලින් අපිට AB දිග ගණනය කරගත හැකිය.


මැනුම් රේඛාවකට හමුවන බාධක මඟ හැරීම.

කිසියම් මැනුම් රේඛාවක් මැනගෙන යාමේදී අපිට විවිධ බාධක හමුවෙනවා, ඒ හමුවන බාධක වර්ගීකරණය කල හැකිය. බාධකයේ ස්වභාවය අනුව එය මඟහැරීම සඳහා යෙදිය යුතු උපක්‍රමද වෙනස් වේ. දැන් බලමු අපි මේ බාධක මොනවද හා ඒවා මඟහැරල මිනුම් ලබා ගන්නේ කියල.
  1. පෙළ ගැන්විය හැකි නමුත් මැනිය නොහැකි බාධක.
  2. මැනිය හැකි නමුත් පෙළගැන්විය නොහැකි බාධක.
  3. මැනීමට හෝ පෙළගැන්වීමට නොහැකි බාධක.

මේ තියෙන්නෙ අපිට මැනීමේදී මුන ගැසෙන බාධක. ඊළඟ දවසෙ අපි බලමු මේ බාධක ගැන වැඩි විස්තර මොනවද කියල.

NCT (Civil), NCT (QS), AQS, NDQS, HND(QS), HND(Civil) වගේ ඉගෙන ගන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේ ලිපි පෙල. අපි ඒවල අනිකුත් විෂයන් ගැනත් කතා කිරීමට බලාපොරොත්තු වෙනව. ඔයාලගෙ යාළුවන්ටත් කියන්න අපිත් සමඟ එකතු වෙන්න කියල. Blog එක Follow කරල තියාගන්න. Navita AcademyFacebook Page එකටත් like එකක් දාල තියාගන්න. ඒකෙනුත් ඉදිරියේදී වැඩ ටිකක් සැලසුම් කරල තියෙනව කරන්න. ඔයාලගෙ වැඩ කරද්දි ඇතිවන ප්‍රශ්න හා ඔයාල දන්න දේවල් බෙදාහදා ගන්න NavitaFacebook Group එකත් තියෙනව.




No comments:

Post a Comment