Monday, May 4, 2020

Principles of Surveying III

Principles of Surveying III

Surveying ගැන ලියන ලිපි පෙල ගැන ඔයාලගෙ අදහස් මොනවද. මේ කරන විදිහට තේරුම් ගන්න පුළුවන්දහා මෙහි අඩුපාඩු මොනවද තියෙන්නෙ. මේ ටික පිලිවෙලකට යන නිසා කලින් ලිපි අනිවාර්යෙන්ම ඕන වෙනව මේව තේරුම් ගන්නනම්. අනිවාර්යෙන්ම කලින් ලිපි බලල ඉන්න. අද අපි කතා කරනව කියල කිව්වෙ අපි යම් මැනුමක් කරනවනම් එම රේඛාවට පිටින් කුමක් හෝ ලක්ෂයක් තියෙනවනම් ඒක හඳුනා ගන්නෙ කොහොමද කියලයි. බලමු ඒ කොහොමද කියල.

මැනුම් රේඛාවකට බාහිරින් වූ ලක්ෂයක පිහිටීම හඳුනා ගැනීම. (Location of a point by measurement from two points of reference)

1 ක්‍රමය


රූපය 1 බලන්න. මෙම ක්‍රමයේදී කරන්නෙ දිගවල් 2ක් මැනීම මඟින් අපිට අවශ්‍ය ලක්ෂය කොතනද හොයා ගන්න පුළුවන්. AB නම් මැනුම් රේඛාව උදාහරණයට ගත්තොත්. එයට බාහිරින් C ලක්ෂය කොතනද තියෙන්නෙ බලා ගන්නයි ඕන කරන්නෙ අපිට. එවිට AB රේඛාව ඔස්සේ L1 දුරක් ගමන් කර හමුවන ලක්ෂයේ සිට AB ට ලම්භකව L2 දුරක් ගමන් කිරීමෙන් ලක්ෂය හමු වේ. AB සිට C හඳුනා ගැනීමේ පළමු ක්‍රමය තමයි මේක.

2 ක්‍රමය



රූපය 2 බලන්න. AB නම් මැනුම් රේඛාවක් ඔස්සේ A සිට a කෝණයකින් L දුරක් ගමන් කිරීමෙන් C ලක්ෂය හඳුනාගත හැකිය. මෙය AB සිට C හඳුනා ගැනීමේ දෙවන ක්‍රමයයි.

3 ක්‍රමය



රූපය 3 බලන්න. AB නම් මැනුම් රේඛාවක් ඔස්සේ A සිට L1 දුරක්ද, B සිට L2 දුරක්ද ඡේදනය වන රේඛාවේ එකම පැත්තේ ඡේදන ලක්ෂයේදී C හඳුනාගත හැකිය. මෙය AB සිට C හඳුනා ගැනීමේ තුන්වන ක්‍රමයයි.

4 ක්‍රමය



රූපය 4 බලන්න. AB නම් මැනුම් රේඛාවක් ඔස්සේ A සිට a කෝණයක්ද, B සිට b කෝණයක්ද මැනීම මඟින් ඡේදනය වන රේඛාවේ එකම පැත්තේ ඡේදන ලක්ෂයේදී C හඳුනාගත හැකිය. මෙය AB සිට C හඳුනා ගැනීමේ සිව්වන ක්‍රමයයි.

මැනුම් විද්‍යාවේ තියෙන මූලධර්ම තමයි මේ තවම කතා කරමින් ඉන්නෙ. මේ ටිකත් බලල තෙරෙන්නෙ නැති ඒව තිබුණොත් NavitaAcademy Facebook Page එකේ නැත්නම් Navita Academy Facebook Group එකේ වගේම Navita Acadmy Twitter post එකක් හරි දාන්න. යාළුවන්ටත් බලන්න ලිපි Share කරන්න. Blog එක follow කරල තියාගන්න.


No comments:

Post a Comment