Wednesday, January 11, 2023

Grading Scheme for Construction Contractors (National Registration)

CIDA මඟින් කර ඇති ශ්‍රේණිගත කිරීම

යම් කිසි ඉදිකිරීමක් කරන විට ඒ සඳහා වඩා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු සොයා ගැනීමට අපට සිදු වෙනව. ඒ සඳහා විවිධ නිර්ණායක භාවිතා කරමින් කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම විවිධ ආයතන මඟින් සිදු කිරීම කරනු ලැබුව. මෙහි තිබුන අවිධිමත් බව නිසා රජය විසින් ඒ අඩුපාඩු නිවැරදි කරමින් 1989 වසරෙදි Institute for Construction Training and Development (ICTAD) ආයතන හරහා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම සිදු කිරීම කරනු ලැබුව.

දැන් ලියාපදිංචි කිරීමේ ක්‍රමය CIDA (Construction Industry Development Authority) විසින් දිගටම කරගෙන යනු ලැබේ.

ලියාපදිංචිය (Registration) සහ ශ්‍රේණිගත කිරීම (Grading) යනු කිසියම් නිශ්චිත කොන්ත්‍රාත්තුවක් වෙත යොමු නොවී විවිධ වර්ගවල සහ ප්‍රමාණයේ ව්‍යාපෘති භාර ගැනීමට ඔවුන්ගේ සාමාන්‍ය හැකියාව තීරණය කිරීම සඳහා අනාගත කොන්ත්‍රාත්කරුවන්ගේ හැකියාවන් පිරික්සීමේ ක්‍රියාවලියකි. මෙහිදී ලියාපදිංචිය සහ ශ්‍රේණිගත කිරීම තීරණය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් කොන්ත්‍රාත්කරුවෙකුගේ මූල්‍ය හැකියාව (Financial capability) , කාර්ය මණ්ඩලය (Staff) සහ කම්හල් සහ යන්ත්‍ර සූත්‍ර ( Plant & Machinery ) සමඟ ඇති තාක්ෂණික හැකියාව (Technical ability) සහ අදාළ ක්ෂේත්‍රවල ලබා ඇති පළපුරුද්ද (Experience gained in relevant fields) මත ඇගයීමෙනි.

මුල් කාලයේදී මෙම ක්‍රමය යටතේ කොන්ත්‍රාත්කරුවන් මූල්‍ය කොන්දේසි මත ශ්‍රේණි 10ක්  (M1 සිට M10 දක්වා) යටතේ වර්ග කරන ලදී. "M" ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය 2008 දී මූල්‍ය කොන්දේසි මත C1 සිට C10 දක්වා ශ්‍රේණි සහිත පද්ධතියක් හඳුන්වා දීමත් සමඟ සංශෝධනය විය. මෙය නැවත 2015 දී සංශෝධනය කරන ලද අතර නව ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය CS2 සිට C9 දක්වා හඳුන්වා දෙනු ලැබුව.

ලියාපදිංචි කිරීමේ යෝජනා ක්‍රමයේ අරමුණ / ප්‍රතිලාභ.

  • ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය අනුගමනය කිරීමෙන් ව්‍යාපෘතියට නිවැරදි කොන්ත්‍රාත්කරු තෝරා ගත හැකිය.
  • ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය කොන්ත්‍රාත්කරුවන්ට ඔවුන්ගේ හැකියාවන් ඉක්මවා ව්‍යාපෘති භාර ගැනීමෙන් වලක්වයි.
  • නියමිත වේලාවන්, පිරිවැය සහ තත්ත්ව ඉලක්ක තුළ ව්‍යාපෘති නිම කිරීමට කොන්ත්‍රාත්කරුවන් සහතික කිරීම.
මෙය ප්‍රදානය කළ පසු ලියාපදිංචිය වසර 03කට වලංගු වන අතර ඉන් පසුව අලුත් කළ යුතුය.

ශ්‍රේණි සඳහා කෙටි යෙදුම්

C - Building & Civil Engineering
EM - Electrical Mechanical Services
SP-C - Specialized Constructions
GP - Piling

අදාල ශ්‍රේණිගත කිරීමපහත ආකාරයට සිදුකරල තිබෙනව




No comments:

Post a Comment