Thursday, November 11, 2021

Roads Classification in Sr Lanka

ශ්‍රී ලංකාවේ මාර්ග වර්ගීකරණය

ලංකාවෙ විවිධ වර්ගයේ පාරවල් වල ගිහින් ඇතිනෙ. ඒත් දන්නවද ඒ පාරවල් වල වර්ග මොනවද කියල. අද අපි බලමු ලංකාවෙ තිබෙන පාරවල් වර්ග හා කොහොමද ඒව වර්ග කරල තියෙන්නෙ වගෙ කරුණු කිහිපයක් ගැන.


ස්ථානය, වැදගත්කම, කළමනාකරණ කාර්යය සඳහා වගේ දේවල් අනුව ශ්‍රී ලංකාවේ මාර්ග වර්ගීකරණය කර ඇත. ශ්‍රී ලංකාවේ සියලුම මාර්ග පන්ති පහකට සහ උප පන්ති කිහිපයකට බෙදා ඇත. මේ එක් එක් මාර්ග සඳහා අනන්‍ය වූ අංකයකින් සමන්විත වේ.

  •  අධිවේගී මාර්ග (Express ways).
සියලුම අධිවේගී මාර්ග "E" අකුරින් ආරම්භ වන අංකයකින් යුතුව නම් කර ඇත. ප්‍රධාන නගර, වරාය (Connecting major cities, Ports) සම්බන්ධ කිරීම වන පාරවල් මේ යටතේ වර්ග කර ඇත.මෙම වර්ගයේ පාරවල් රජය (Central Government) විසින් සංවර්ධනය සහ නඩත්තු කටයුතු කරනු ලැබේ. මාර්ග සංවර්ධන අධිකාරිය Road Development Authority (RDA) මගින් මෙම මාර්ග කළමනාකරණය/ පරිපාලනය කිරීම සිදු කරනු ලබයි. 

  • ජාතික මාර්ග (National Roads).
මෙම වර්ගයේ මාර්ග "A පන්තියේ මාර්ග",  "B පන්තියේ මාර්ග" යනුවෙන් කොටස් 2කින් නම් කර ඇත. A පන්තියේ මාර්ග නැවතත් "AA", "AB", "AC" ආදී ලෙස තවත් කොටස් 3කින් සමන්විත වේ. "A" යටතේ ප්‍රධාන නගර සම්බන්ධ කිරීමද (Connecting major cities), "B" යටතේ ප්‍රධාන නාගරික ප්‍රදේශ පාරවල්ද (Roads connecting major urban areas) මේ යටතේ වර්ග කර ඇත.මෙම වර්ගයේ පාරවල්ද රජය (Central Government) විසින් සංවර්ධනය සහ නඩත්තු කටයුතු කරනු ලැබේ. මාර්ග සංවර්ධන අධිකාරිය Road Development Authority (RDA) මගින් මෙම මාර්ග කළමනාකරණය/ පරිපාලනය කිරීම සිදු කරනු ලබයි. 
  • පළාත් මාර්ග (Provincial Roads).
පළාත් මාර්ග "C පන්තියේ මාර්ග",  "D පන්තියේ මාර්ග" යනුවෙන් කොටස් 2කින් නම් කර ඇත. ඒ පිලිවෙලින් 
ප්‍රධාන පෝෂක මාර්ග (Major feeder roads) හා කුඩා පෝෂක මාර්ග (Minor feeder roads) මෙම වර්ගයේ පාරවල් පළාත් මාර්ග සංවර්ධන අධිකාරීන් Provincial Road Development Authorities (PRDA) මගින් සංවර්ධනය සහ නඩත්තු කටයුතු, කළමනාකරණය/ පරිපාලනය කිරීම සිදු කරනු ලබයි. 


  • වෙනත් (Other).
ප්‍රාදේශීය සභා/ පළාත් පාලන ආයතන (Pradeshiya Sabha/ Local Authorities) මගින් සංවර්ධනය සහ නඩත්තු කටයුතු සිදුකරන දේශීය/ගම් මට්ටමින් ඇති මාර්ග(Local roads) මේ යටතේ වර්ග කර ඇත.
  • වෙනත් ආයතන (Other Agencies).
මහවැලි අධිකාරිය (Mahaweli Authority), වතු සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව (Estate and Irrigation Department) වැනි වෙනත් ආයතන මඟින් පාලනය වන, වැවිලි, වනාන්තර, වාරිමාර්ග, ආදී කටයුතු වලට භාවිතා වන මාර්ග මේ යටතේ වර්ග කර ඇත. 



👉 ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දේවල් ඉගෙන ගන්න Like Navita Academy Facebook Page - Navita Academy

👉 ඔයාල දන්න දේවල් බෙදා ගන්න Join Navita Academy FB Group - Navita Group

👉 සටහන්, පොත්පත් ආදිය බෙදා ගන්න එකතු වෙන්න Navita Academy Telegram Group


Read more articles >>>



If you found this article interesting, please share it with your friends and follow the blog

© Madusanka Jayalath By Navita Academy


No comments:

Post a Comment