පසුගිය වසරක NCT (Civil Engineering) exam එකේ ගැටළුවක් අපි මුලින්ම අද බලමු.
මේක තමයි ප්රශ්නය සහ එම ප්රශ්නයට ලකුණු බෙදිල ගිහින් තියෙන විදිහ. මුලින්ම හොදට ප්රශ්නය කියවන්න. එක පාරක් නෙමේ දෙතුන් පාරක් හරි ඔළුවට අරන් කියවන්න. නැත්නම් අතර මග හිතන්න ගත්තම කාලය ඊට වඩා යනව. මම මේ කියන පියවර ඒ විදියටම කරන්න. අනිවාරෙන්ම Leveling ප්රශ්නය ගොඩ දා ගන්න පුළුවන්.
කටපාඩම් කරන්න එපා එක ගානක්වත්. කලින් එක හදපු විදියට මේ ගාන හදන්න උත්සාහ කරන්නත් එපා. ප්රශ්නය කියවල අළුතෙන් හිතන්න.
මුලින්ම ප්රශ්නය ගැන ඔයාලගෙ හිතට ආව දේ කටු සටහනකට ගන්න. ඒක ඔයාලට ඉස්සරහට ලේසියි හිතන්න. ගාන හදන්න නෙමේ හිතන විදියයි අපි පුරුදු වෙන්න ඕන. ගාන හදන එක සුළු දෙයක් ඊට පස්සෙ.
බලන්න ඔයාලට ලැබුන සටහනත් මේ වගේද කියල. මේ සටහන බලපු ගමන් ඔයාලට රිටි ස්ථාන ගැන, පාඨාංක වල උස් පහත් වීම්, මාරු ලක්ෂ, උපකරණයේ උස, උපකරණය සවි කල වාර ගනන, පසු දැක්මවල්, පෙර දැක්ම, අතරමැදි දැක්ම ආදී ගොඩක් දේ ඉතාම පහසුවෙන් බලාගන්න පුළුවන්. සැරෙන් සැරේ ගාන හදද්දි අමතරව හිතන්න දෙයක් නෑ.
හරි මීලඟට අපි මට්ටම් පොත් පිටුවක් පිලියෙල කරගමු. මේකට ඔයාල දන්නව ක්රම දෙකක් භාවිතා කරනව. එනම්,
1. නැඟීම් බැසීම් ක්රමය.
2. උපකරණීය උස ක්රමය.
ප්රශ්නය තුල කුමන ආකාරයේ මට්ටම් පිටුවක් පිලියෙල කරන්නේද යන්න කියල නැත්නම් ඔයාලට පහසු විදියකට හදන්න පුළුවන්. නමුත් මේ ක්රම දෙකම හොඳටම පුරුදු වෙලා ඉන්න ඕන.
නැඟීම් බැසීම් ක්රමයෙන් අපි මේ ගැටළුව විසඳන විදිහ බලමු. මේ විදියට තමයි වගුව සැකසීමෙන් පසු ඔයාලට බලන්න පුළුවන් වෙන්නෙ. මේ විදියට අදාල ලක්ෂ වල ඌනිත උස සොයාගන්න පුළුවන්.
මේ ගැටළුව නිවැරදිව කොහොමද හදන්නෙ බලන්න අපේ YouTube channel එකෙන්. මෙතනින් ගිහින්.
Navita Academy YouTube Channel
හරි, දැන් වගුව සම්පූර්ණ වුනාට පසු එය නිවැරදිද බලන්න ආවේක්ෂන කරන්න ඕන. ඒවත් නිවැරදිනම් ගාන හරියට හදල කියල උපකල්පනේකට එන්න පුළුවන්. මේ විදිහට මේ ටික තියෙනවනම් ලකුණු 10ක් අරගෙන ඉවරයි දැනටමත්.
දෙවනි කොටසින් අහනව පියවීමේ දෝශයක් තියෙනවනම් ඒක බෙදා හරින්න කියල. සරලව කිව්වොත් පියවීමේ දෝශය කියන්නෙ ලැබිය යුතු අගයෙයි ලැබුන අගයෙයි වෙනස. අන්න ඒ වෙනස හොයාගෙන, වෙනස් වෙන්න පුළුවන් කියල නැත්නම් වැරදීමේ සම්භාවිතාවයක් තියෙන්න පුළුවන් කියල අපි උපකල්පනය කරන තැන් ටික හොයාගෙන ඒ අගයන් ටික සමානව බෙදල ලැබිය යුතු අගයට ලැබුන අගයන් ටික නිවැරදි කරනව.
ඒ විදියට පියවීමේ දෝශය නිවැරදි කලාම මෙන්න මේ වගේ අදාල ලක්ෂ වල ඌනිත උසවල් අපිට බලා ගන්න පුළුවන්. ලකුණු 4ක් මේ සඳහා ලබා දීල තියෙනව.
මීලඟට තුන්වෙනි කොටසින් අදාල භූමියේ හරස්කඩ අඳින්න කියනව.
තිරස් අක්ෂයට 1:1000 පරිමානයට ලකුණු කරගන්නව රිටි ස්ථාන මොනවද කියල. රිටි පාඨාංක ලබාගෙන තියෙන්නෙ මීටර් 20 පරතර වලින් කියල ප්රශ්නයේ මුලින් කියල තියෙනව. මේ වෙද්දි ඒවත් මතක තියෙන්න ඕන.
තිරස් අක්ෂයට පාඨාංක ලබා ගත් රිටි ස්ථාන 20m පරතර වලින් සලකුණු කරගන්නව. සිරස් අක්ෂයට ඌනිත උස ගන්නව. මෙහි ආරම්භක පෘෂ්ඨය ලෙස 32m ගන්න කියල ගැටළුවෙ සඳහන් කරනව. මේක ඇදගත්තහම මේ විදියට තියෙන්නෙ.
ඉදිකිරීම් ක්ෂේත්රයේ කරුණු ගැන තවත් article කියවන්න www.navitaacademy.com කියන web site එක හරහාත් ඔයාලට පුළුවන්.
No comments:
Post a Comment