Curing for concrete.
කොන්ක්‍රීට් එකක් දැම්මට පස්සෙ වතුර දානව හැම කෙනෙක්ම දැකල ඇතිනෙ. ඒත් ඒ මොකටද කියල හොයල බැලුවද? ඒකට අපි Concrete curing කියල කියනව නැත්නම් කොන්ක්‍රීට් පදම් කිරීම කියල වගේ අර්ථයක් එන්නෙ.
ඉතින් මොකද මෙහෙම කරන්නෙ?
කොන්ක්‍රීට් එකෙන් අපේක්ෂිත වුන අවශ්‍ය ගුණාංග ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් තෙතමනය හා උෂ්ණත්වය රදා පවත්වාගැනීමක් තමයි සරලවම කීවොත් සිදු කරනු ලබන්නෙ. මෙලෙස නිවැරදිව concrete එක curing කිරීම මගින් අපි බලාපොරොත්තු වුන නැත්නම් සැලසුම් කල අවසාන ගුණාංගය ලැබෙනු ඇත. කොන්ක්‍රීට් සඳහා අවම curing period එක කොපමණක්ද යන්න තීරණය වෙන්න පහත කරුණු බලපානව.
- භාවිතා කරන ලද සිමෙන්ති වර්ගය ( Type of cement used ).
- පරිසර උෂ්ණත්වය ( Ambient temperature ).
- ඉදිකිරීමේ ස්වභාවය ( Type of construction - size and shape of concrete member ).
- බලාපොරොත්තු වන ශක්තිය ( Designated strength ).
- පදම් කරන ක්‍රමවේදය ( Curing method).
5°C ට වඩා වැඩි උෂ්ණත්වයකදී අවම curing period එක දින හතක් (07) හෝ කොන්ක්‍රීට් වල ශක්තිය සැලසුම් කල නිශ්චිත සම්පීඩ්‍යතා හෝ නම්‍යශීලී ශක්තියෙන් 70% දක්වා ළඟා වන තෙක් වේ. High-early strength concrete දානවනම් එම කාල සීමාව දින 3ක් දක්වා අඩු කරගන්නත් පුළුවන්. (ACI - American Concrete Institute මගින් 2001 ඉදිරිපත් කර ඇති දත්ත අනුව. ඒ Document එක Navita Academy Telegram group එකේ දාන්නම් අවශ්‍ය අය Download කරගෙන බලන්න.)
- Initial Curing Method
- Final Curing Method කියල ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතා වෙනව.
1. Initial Curing යටතේ,
- Concrete එක දාන වෙලාවෙ තෙතමනය හානිවීම වැලැක්වීම සඳහා ජලය වාතයට ඉසීම සිදු කරනව. ( Concrete එකට නෙමේ) එමගින් වාතයේ ඇති ජලවාෂ්ප ප්‍රමාණය ඉහලයාම නිසා එකේ ජලය වාෂ්පවීම අඩු වෙනව.
- වාෂ්ප වීම අඩු විවිධ වර්ග chemical ඉසීම අනික් ක්‍රමයයි. සාමාන්‍ය ඉදිකිරීම් වලදි මේ ක්‍රමනම් ලංකාවෙ භාවිතා වෙනව් අඩුයි.
2. Final curing කිරීමේදී ක්‍රම කීපයක් අපි භාවිතා කරනව. මෙහිදී concrete එකේ තෙතමනය එලෙසම ආරක්ෂා කරගැනීම සිදුකරනව.
- ගොඩක් බහුලව කරන වැඩක් නම් නිතරම concrete එක මතට ජලය ඉසීම සිදු කරනව. ජලය සඳහා වන වියදම මෙහිදී අවාසියක් විදියට දකින්නත් පුළුවන්.
- Slab එකක් වගේ දෙයක්නම් අපිට ඒ concrete slab එක pond කරල නැත්නම් ජලය පුරවල තියන්න පුළුවන්.
- Concrete එක වටේ තෙත ගෝනි, කපු රෙදි වගේ ඔතල නිතරම තෙත් කරල තියන්න පුළුවන්.
- තෙත වැලි අතුරල තියන්න පුළුවන්.
- කුඩා concrete එකක්නම් පිදුරු වගේ දේවල් භාවිතා කරලත් concrete එක වහල තෙත් කරල තියන්න පුළුවන්. සුළගට ගසාගෙන යාම හා ගිනිගැනීමට ඇති හැකියාව මෙහි අවාසි වෙනව.
- පොලිතීන් වගේ දේකින් මතුපිට ආවරනය කිරීමත් තවත් එක් ක්‍රමයක්.
- විවිධ වර්ග ආලේප කිරීමත් සිදු කරන්න පුළුවන්.
සාමාන්‍ය ඉදිකිරීම් වලදී මේ වගේ ඒව භාවිතා වෙනව. ඉදිකිරීම් ක්ෂේත්රයේ පාඨමාලා හදාරන අයට වැදගත් වෙයි. තව කට්ටියට බලන්න Share කරන්න. Navita Academy blog site එක follow කරල තියාගන්න.
ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉන්න අය Navita Academy Facebook Page එක එක්ක වගේම Facebook Group එකත් එක්කත් එකතු වෙන්න.
© 𝐌𝐚𝐝𝐮𝐬𝐚𝐧𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐥𝐚𝐭𝐡 𝐛𝐲 𝐍𝐚𝐯𝐢𝐭𝐚 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲
No comments:
Post a Comment