𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫 𝐭𝐨 𝐭𝐡𝐞 𝐩𝐫𝐨𝐣𝐞𝐜𝐭?????
Project එකක හැම තැනම කියනව Engineer කෙනෙක් ගැන. Engineer estimate, ..... submit to the Engineer , වගේ ඒව දැකල, අහල ඇති. ඉතින් කව්ද මේ Engineer කියල කියන්නෙ?.
Bsc Engineer කෙනෙක්ද? Engineer කෙනෙක්ම වෙන්න ඕනද? මේ article එක බැලුවම ඔයාලට තිබුණ ගැටළු ගොඩක් අඩුවෙයි කියල හිතෙනව.
යම් කිසි කොන්ත්‍රාත් ගිවිසුමක් සඳහා පාර්ශව දෙකක් ඉන්නව. Client හා Contractor අතර තමයි අදාල වැඩය සඳහා නීත්‍යානුකූලව ගිවිසුමක් සඳහා එලබෙන්නෙ. නමුත් මෙන්න මේ පාර්ශව දෙකට මැද්දෙ තවත් පුද්ගලයෙක් හෝ ආයතනයක් තිබෙනව. ඒ තමයි ව්‍යවහාරයේ තිබෙන, සියලුම දෙනා දන්න Consultant නැත්නම් උපදේශක තැන.
CIDA, FIDIC හෝ JCT ආයතනය මගින් ඕනෑම පිලිගත් ක්‍රමවේදයක් සහිත තැන් වල ඉහත ආයතන මගින් එම උපදේශකතැනට විශේෂ නාමය දීල තියෙනව. ඒ තමයි "Engineer" කියන නාමය.
අපි බලමු අපිට පුරුදු CIDA SBD-02 එකේ කොහොමද මේ Engineer ගැන කියන්නෙ කියල.
Engineer - Engineer is the person named in the Contract Data (or any other competent person appointed by the Employer and notified to the Contractor) who is responsible for administering and supervising the execution of the work. Such person may be an engineer, architect or any other technical person. In the absence of such appointment the Employer himself.
යම් Project එකක Engineer කෙනෙක් ලෙස හදුන්වනු ලබන පුද්ගලය ඉංජිනේරු වෘත්තීයේ නියැලෙන කෙනෙක්ම වෙන්න ඕන නෑ. නැත්නම් අනිවාර්යයෙන් Bsc Engineer කෙනෙක් වෙන්න ඕන නෑ.
එහෙනම් කවුද Engineer කියන්නෙ?
යම් ඉදිකිරීමක් සඳහා ගිවිසුමක් සඳහා එලබුනායින් පසුව Engineer කෙනෙක් නැත්නම් Engineer to the project ලෙස හදුන්වනු ලබන්නෙ technical compete for the project. එනම් යම් ඉදිකිරීමක් සඳහා යම්කිසි ගැටළුක් ඇතිවූ විට ඒ සඳහා තීරණයක් ගැනීමට බලය තියෙන කෙනා තමයි Engineer වෙන්නෙ. මෙහිදී එක පුද්ගලයෙක්ම නෙමේ ආයතනයක් වෙන්නත් පුළුවන්.
පැහැදිලි වෙන්න පොඩි උදාහරණයක් බලමු. ගොඩනැගිලි ඉදිකිරීමක් නම් එහි සැලසුමේ යම් කිසි අපහැදිලි තැනක් තිබෙනව කියල හිතමු. ඒ සඳහා කොන්ත්‍රාත්කරු ඇසිය යුත්තේ නැත්නම් ඒ සඳහා උපදෙස් ගත යුත්තේ Architect ගෙන්. මෙතනදි Architect තමයි Engineer to the project වෙන්නෙ.
Electrical wiring එක සම්බන්ධයෙන් ගැටළුවක් නිරාකරණය කරගැනීමට නම් ඒ සඳහා වගකිවයුතු නිලදාරීයා නැත්නම් engineer to the project වන්නෙ electrical engineer.
කොන්ක්‍රීට්, කම්බි හෝ සැකිල්ලේ ප්‍රශ්ණයක් නම් එහිදී engineer වෙන්නෙ structural engineer.
යම් document එකක් හෝ මුදල් සම්බන්ධ ගැටළු තත්වයක්නම් එතනදි engineer වෙන්නෙ quantity surveyor.
මේ විදියට තමයි engineerගේ කාර්යය වන්නෙ. ඉතින් තමන්ට ඒ සඳහා තිබෙන දායකත්වය හා වගකීම හදුනාගෙන ඉන්න එක මගින් වඩා කාර්යක්ෂම ලෙස හා ගැටළු අවම වන ලෙස වැඩ කරගෙන යන්න පුළුවන්. බාගෙට ඉගෙනගෙන field එකට ගරහන අය අතර කෙනෙක් වෙන්න එපා. හරියට ඉගෙනගෙන ඉහලටම යන්න.
Navita Academy Youtube channel එකෙත් ඉගෙන ගන්න ඒව බලන්න.
Navita Academy facebook page එකේ මේ වගේ ඒව බලන්න එකතු වෙන්න.
තමන් දන්න දේවල් කියල දෙන්න, කරුණු සාකච්ඡා කරන්න Navita Group එක හරහා.
© 𝐌𝐚𝐝𝐮𝐬𝐚𝐧𝐤𝐚 𝐉𝐚𝐲𝐚𝐥𝐚𝐭𝐡 𝐛𝐲 𝐍𝐚𝐯𝐢𝐭𝐚 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲
No comments:
Post a Comment