මොකක්ද මේ NVQ කියල කියන්නෙ?
පාසල් අධ්‍යාපනය නිමා වීමෙන් පසුව විශ්ව විද්‍යාල වරම් ලැබෙන්නෙ සිසුන් සීමිත පිරිසකට පමණයි. අනික් කොටසට රැකියා සඳහා යාමට සිදුවෙනව. නමුත් ඒ සඳහා නිපුණයෙක් වෙලා ඉන්න අවශ්‍ය වෙනව. සරලවම කීවොත් අන්න ඒ පිරිසට තමන් කැමති ක්ෂේත්රයකින් ඉදිරියට එන්න විදියක් තමයි මේකෙන් හදල දීල තියෙන්නෙ. මෙය පිළිගත් වෘත්තීය ප්රමිතීන්, වැඩ පදනම් කරගත් සහ / හෝ අනුකරණය කරන ලද වැඩ මත පදනම්ව පිරිනමනු ලබයි. ඉතින් පංතිකාමර තුල නෙමෙයි මේක සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙන්නෙ රැකියා ස්ථානය තුලයි.මෙය ආයතනික නොවන ඉගෙනුම් තුළින් ලබාගත් පුද්ගල නිපුණතා තක්සේරු කරන තක්සේරු ක්‍රියාවලියක්.
මේ සඳහා මට්ටම් 7 කින් යුත් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ක්‍රමය හඳුන්වා දීමට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (Tertiary and Vocational Education Commission - TVEC) අවශ්‍ය පියවර ගෙන තිබේ. NVQ මට්ටම 7 උපාධිය සුදුසුකම් වලට සමාන වේ. සිසුන්ට M.Sc. හෝ NVQ මට්ටම 7 සම්පූර්ණ කිරීමෙන් පසු වෙනත් ඕනෑම පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීමට අවස්තාව ලැබේ.
අධ්‍යයන සුදුසුකම් හා සසඳන විට NVQ නිර්මාණය කර ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු රැකියා අපේක්ෂකයින් සඳහා ය (සාමාන්‍යපෙල නැති අයටත් පුළුවන්. ඉදිරියේදී කියන්නම්). NVQ ක්රමයේ විශේෂත්වය නම්, NVQ සුදුසුකම්වල එක් එක් මට්ටම සම්පූර්ණ වූ විට, අපේක්ෂකයින් අධ්‍යයන සුදුසුකම් දරන්නන්ට වඩා තරමක් ඉහළ වැටුප් පරිමාණයන්ගෙන් වෘත්තීය රැකියා වෙළඳපොළට ඇතුළුවීමට සුදුසුකම් ලබා ගැනීමයි. ඒ මොකද කියනවනම් ඔවුන්ගේ ප්‍රායෝගික දැනුම වැඩියි.
ලෝකයේ බොහෝ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් NVQ ක්‍රමයට සමාන වෘත්තීය කුසලතා සහතික කිරීමේ ක්‍රම හදුන්වල දීල තියෙනව. එනිසා NVQ ක්‍රමය සැබෑ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන අතර බොහෝ රටවල බලධාරීන්ට එය හුරුපුරුදුය. එබැවින් සුදුසුකම් ලත් වෘත්තිකයන් ලෙස ගෝලීය රැකියා වෙළඳපොළට පිවිසීම සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත.
NVQ ගන්නේ කෙසේද?
ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ලබා ගැනීම සඳහා ක්‍රම දෙකක් මේ සඳහා හදුන්වල දීල තියෙනව.
✔✔ පළමු එක වෙන්නෙ නිපුණතා ප්‍රමිතිවල දක්වා ඇති සුදුසුකම් වලට අදාළ ඔහුගේ / ඇයගේ හැකියාවන් පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි සහිතව අපේක්ෂකයාට ඔහුගේ / ඇයගේ හැකියාව ඔප්පු කළ හැකි නම්, අපේක්ෂකයාට පෙර ඉගෙනීම හඳුනා ගැනීම (RPL - Recognition of Prior Learning) හරහා NVQ සහතිකය ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
✔✔ NVQ සහතිකය ලබා ගැනීමේ දෙවැන්න තමයි අද අපි මේ කතා කරන සුදුසුකම් වලට අදාළ නිපුණතා පාදක පුහුණු පාඨමාලාවක් හැදෑරීමයි (Competency Based Training - CBT). ඒ සඳහා අපේක්ෂකයෙකුට වෘත්තීය පුහුණු අධිකාරියේ හෝ NVQ සහතික නිකුත් කිරීම සඳහා අවසර (Accredited) ලබා ඇති වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල NVQ පදනම් කරගත් පුහුණු වැඩසටහනක් හැදෑරීම කළ හැකිය.

Really appreciate the effort and knowledge shared in this post. It’s always valuable to see practical insights about construction trades explained so clearly. The NVQ Level 2 for bricklaying work is such an important qualification for anyone looking to build a career in the industry, as it combines hands-on skills with recognized certification. Posts like this help learners and professionals understand the pathway to gaining essential bricklaying expertise and progressing in construction. Thanks for putting together such informative content.
ReplyDelete